
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි “සත්‍ය නොවන, නොපැහැදිලි සහ පක්ෂග්රාහී” වාර්තාවක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාට කිසිඳු සාමාජිකයෙකු විසින් නියම කරනු ලැබ නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක ගතවන දිනට පෙරදින මෙම වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රශ්න කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය 17 වැනිදා "බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම" යන තේමාව යටතේ පිටු 45 ක වාර්තාවක් නිකුත් කළේය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනාව දේශපාලනීකරණය වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාව නිකුත් කළ අකාරයෙන් පෙනී යන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබියදී මෙම වාර්තාව නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා වෙත ලිපියක් යොමු කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ ද කතා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
(සන්ඩේ ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් විට ඇත්ත හරිම තිත්තයි.
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
ත්‍රස්ත සංවිධාන එක්ක ඩීල් දාන ඇමැතිලා, අත් අඩංගුවේ ඉන්න සැකකාරයින්ට අමානුෂික වධහිංසා පමුණුවන පොලිසියේ ලොක්කෝ එහෙම ඉන්නකොට ලෝකයෙන් බොහෝරටවල් වලින් ප්‍රතික්ෂේප වෙන එක පුදුම වෙන්න ඕනෑද?
කොන්දේසි සහිතව පිළිගන්න ඉවරයක් කරලා අලුත්ම ගමනක් යාම වටී...!
BITTER TRUTH කියන විදියට මේකේ කොමෙන්ට් දාන්න ඕනේ ජේවීපී එකට පක්ෂපාතීව විතරයි. අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු...!