
(ආරියරත්න රණබාහු)
ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මහරගමදී පැවසීය.
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි අතර ව්‍යවස්ථාවට අනුව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවද හෙතෙම කීය.
ජනාධිපතිරණයට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට ලංකා පොදු ජන පෙරමුණට මෙන්ම සමගි ජන බලවේගයටද අවශ්‍ය වී ඇතැයි පැවසූ දිසානායක මහතා ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේදී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා වැඩි කැමැත්ත මහ මැතිවරණයකට බව රහසක් නෙවේ යයිද කිය.
එම පක්ෂවලට විශාල මාධ්‍ය බලයක් ඇති නිසා දැනට මාස ගණනාවක සිටම ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන බවට ප්‍රචාර ගෙන යන බවද ඔහු පැවසීය.
රටේ තිබෙන ඇත්ත ප්‍රශ්නය වසන් කර වෙනත් ප්‍රශ්න මවමින් ජනතාව කැලෑ පාරවල්වල අතුරු පාරවල්වල ගෙන ගොස් මුලා කිරීමට ඔවුන් යත්න දරන බවද දිසානායක මහතා කීය.
එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක බලය හුවමාරු වීමේ අවස්ථාවක් හෙයින් එම කණ්ඩායම් දෙකම වැඩි කැමැත්තක් මහ මැතිවරණය කෙරෙහි දක්වන බව කී දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවාට වඩා එම පක්ෂයේ සිටින අනිකුත් අයට ආසන මට්ටමින් යම් ජයග්‍රහණයක් ලබාගත හැකි නිසා ඔවුන් ද මහා මැතිවරණයට වැඩි නැඹුරුතාවයක් දක්වන බවද පැවසීය.
COMMENTS
මාධ්‍ය බලයත්, සමාජ මාධ්‍ය බලයත් (ව්‍යාජ ප්‍රොෆයිල් හරහා) තිබෙන්නේ ඔබගේ පක්ෂයට. එසේම, බොරු කීම කලාවක් නම් එහි පිකාසෝ වන්නේ ද ඔබතුමා. ටිරාන් අලස්, රනිල් වික්‍රමසිංහ, ධම්මික පෙරේරා වැනි ප්‍රබලයින් සමග අත යට ගනුදෙනු සහ ඩීල් තිබෙන්නේත් ඔබතුමා ඇතුළු කණ්ඩායමට. එමනිසා කුමන මැතිවරණය ආවත් අවුලක් නැහැ නේන්නං...!
ඡන්දය කුමක් වුනත් ..උත්තරය මාලිමාව !!! ජාතික ජනබලවේගය වටා එක්රැස්වී ඇති රටේ අති බහුතරයේ එකම ප්‍රාර්ථනාව .." වෙනස් රටක් " කියන තේමාවයි. අවුරුදු 76 තිස්සේ රට පාලනය කල දේශ කාපාලුවන් ,රටේ මහජනතාවට නැති විශේෂ වරප්‍රසාද රැසක් භුක්ති වින්දා.මාලිමාව බලයට පැමිණි පසු ඒවා අවසන්. රටේ සාමාන්‍ය ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් දේශපාලුවන්ට හිමි නොවන ආකාරයට වියවස්තාවෙන්ම " සදහටම " වෙනස්වේ. කොටින්ම කිවොත් .. මෙතෙක් කල් රට කාපු දේශ කාපාලුවා ,දෙස්පාලනඥයෙක් ලෙස රූපාන්තරණය වන පළමු පියවර ඡන්ද ප්‍රතිපලය නිකුත්වී පළමු දිනයේදීම පටන් ගැනේ.
මෙහෙමයි, දිනන්න ලොකු ඉඩක් තිබෙනවා. නමුත්, අර සරත් ෆොන්සේකා මහත්මයා අවසන් මොහොතේ කළ කථාවෙන් සියල්ල වෙනස් වුණා වගේ, පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. හුරේ දාන දේශපාලනය කාටත් පොදු තත්ත්වයක්. ඔබලාටත් එහෙමයි. ඒක අපි කාලයත් එක්ක වෙනස් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ ඔබලාගේ ආගමනය සමග නිරාගමික යයි කියා ගන්නා භෞතික වාදීන් රටක මිනිසුන්ගේ හදවත පෑරීමයි.
අපි ඔබ සමගයි, ජයවේවා! තනි තනි පුද්ගලයන්ට වඩා ප්‍රතිපත්ති වලට රටක් යහපත් තත්ත්වයට ගෙන ආ හැකියි. මාලිමාවේ හැර අන් සියලුම පක්ෂවල රැලිවල එක් එක් අපේක්ෂකයාගේ බොඩ් ඔසවා සිටීමෙන්ම ඔවුන් වඩා කැමති තනි තනි ගමනක් බව පැහැදිලි වෙනු ඇත.
ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේ දී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා..... මින් පැහැදිලි වන්නේ අනුරටත් එයාගෙ පොඩ්ඩො ටික ගැන තියන අවිශ්වාසය නේද.
මොන ඡන්දෙ ආවත් මාලිමාව දිනනවා...
මේ දේවල් හීන දකිමින් ඉන්නවා... මෙයාලාත් ලංකාවේ විනාශ කරන්න දායක වෙච්ච ප්‍රධාන කොටස් කරුවන්
ජනතාව ඔයාට ඡන්දේ දෙන්න ඔය අපේ රටට කරපු හොඳ දේවල් ටිකක් කියන්න 88 / 89 කැරැල්ල ගිනි තිබ්බා. විනාශ කිරිම් රජයේ ගොඩනැගිල් පිච්චිම අහිංසක මිනිස්සු මැරුණා..
මේ තරම් වයසට ගිය කෙනෙක් තාමත් කෙස් ගහක් දෙකක් ඇරෙන්න සුදු නැති එකෙන්ම පේනවා මොන තරම් අව්‍යාජ මිනිස්සු ද කියලා. දිනන්නෙ උඩින්! අහිංසක මිනිස්සු! පව් ජීවිතේම රට වෙනුවෙන් කැප කිරීම නිසා සියල්ල අහිමි කර ගෙනයි තිබෙන්නේ.
ඩුප්ලිකේට් තාමත් ආච්චිගෙ අයිඩෙන්ටිය හොයනවද? ඊට වඩා රටට හානිකරපු, දරුවන්ට අනාගතයක් නැති කරපු, බෙහෙත් ටිකක් නැති කරපු, රටම උලාකාපු රෑනක් ඉන්න බව දන්නවද? දැන් ඔය 88/89 මැතිරුව ඇති. රටම මාලිමාවටයි.
ජයවේවා...! ලංකාවේ ඉන්න බයියෝ නැතිවෙච්චි දවසට තමයි රටට සෙත...
මෙයාව ජනාධිපති කරනවාට වඩා හොඳයි ඇමරිකන් තානාපතිව ජනාධිපති කරන එක...
විතාන කිව්වා හරියටම හරි. මෙයාව ජනාධිපති කලොත් ඇමරිකන් කොඩිය ඉස්සරහා හිටගෙන දිවුරුම් දෙයි. එතන ඉඳන් ඇත්තටම රට පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනිය තමයි.
මොන මැතිවරණය ආවත් ජෙප්පන්ගේ තුනත් නැතිවෙනවා. ජෙප්පන් බලන්නේ මිනිස්සුන්ගේ ඡන්දය බලෙන් ලබාගන්න. රටේම ඉන්න කාලකණ්ණි.