
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27ත් 31ත් අතර දිනකත් පක්ෂ නායකයන් අතර විවාදය ජුනි මස 03 ත් 07 ත් අතර දිනකත් ලබාදීමට කටයුතු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මේ බව ජාතික ජන බලවේගයට ලිඛිතව දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම විවාදයේ ආවරණ කටයුතු සඳහා සියලු මාධ්‍ය ආයතන වලට ආරාධනා කරන බවත් බණ්ඩාර මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබ්බොත් දෙදෙනාම හුදු පුස්සන් පමණක් බව, ඔවුනොවුන්ගේ එහෙයියන්ට හැර අනෙක් අයට දැන ගන්න ලැබෙනවා නියතයි.
අපි ඉල්ලුවේ 20 වෙනිදා හෝ ඊට කලින්...
මොනවද මේ, ජාජබ වේගය දවස් කොච්චර දුන්නාද? පස්සේ මේ මස 20 දක්වාත් කල් දුන්නා, කෝ උත්තර? දැන් මේ නලින් බොරුවක් ජනගත කරන්න හදනවා... දැන් මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියලා...
එයාලා කියනවා 20 කලින් කියලා. මෙයාලා කියනවා 20න් පස්සේ දවස්වල කියලා. මේවාට තමයි කියන්නේ නොකෙරෙන දීග කියලා.
සජිත් මන්තර කාරයෙක් හම්බවෙලා මිනිහගේ පක්ෂියා රජකරන දවසක් අරගෙන විවාදයට... හැබැයි.., ඔය පාක්ෂිකයාට අනුර කුමාරව දැක්ක ගමන් .." අපෝ මට බැහැ නිකම් සවුත්තු වෙන්න, මම යාල කැලේට වෙලා සත්තු බලබලා ඉන්නවා.." කියලා පියාඹලා පැනලා යනවා. ඉතින් සජිත් පුතාණෝටත් වෙන්නේ පැරැදී පලාගොස් යාල කැලේට වෙලා ඉන්න. නිකම් නොවෙයි.. කැලේ තියන නිධන් කඩමින්.. හොර සල්ලි ගහමින්.. කොහොම හරි මිනිහාට දැන් ලොකු මුදලක් අවශ්‍යයි.. ඔයා බස් දුන්නා, ස්මාර්ට් පන්ති කාමර දුන්නා. සහල්... ඇතුළු මහජන අල්ලස් දෙන්න සල්ලි පොම්ප කරපු හොරෙන් ගස් කපන, හොරෙන් වැලි ගොඩදාන, කැසිනෝ කරන, ජාවාරම් කාරයින්ට පොරොන්දු වුණු දේවල් දෙන්නේ කොහොමද ඡන්දෙන් පැරදුණාම..? මමත් හරි ආශාවෙන් ඉන්නේ සජිත් තමන්ගේ" පියාණෝගේ " වැඩ කිඩ කියන්න බලන්න.
ගොන් රැල එන්න බය නිසා just b4 deadline, දවස් දෙනවා. මම හිතන්නේ පක්ෂ නායකයා වගේම අනිත් ගෝල බාලයෝත් o\L සමර්ථ නැහැ...!
ඔය කියන දින වනවිට සජබය දෙකට තුනට කැඩිලා තියෙන්නත් පුළුවන්...
මේ විවාද මාතෘකාව පටන් ගත්තේම සජබය. ආර්ථික කමිටුවේ විවාදයට මාලිමාව බය එක ගැන ඇයි කතා නැත්තේ? සමාජවාදී ප්‍රතිපත්ති කියාගෙන ඇවිල්ලා දැන් ලැජ්ජා නැතුව ලිබරල්වාදෙට මාරුවෙලා. ඒත් ජවිපෙ තාම සමාජවාදේ අත්හැරලා නෑ. මම හිතන්නේ මේ සියළු විවාදවලට අමතරව ටිල්වින් සහ අනුර අතර විවාදයක් තිබ්බා නම් හරි. ඔවුන් දෙන්නාම ඉන්නේ එකම ප්රතිපත්තියකද බලන්න. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදාගන්න බැරුව ඉන්නේ මේ ඝට්ඨනය නිසා. හැම එකටම වංචා, දූෂණ, කියලා හරියන්නේ නෑ. ඔය ශ්‍රීලනිප ජවිපෙ පොහොට්ටු නිල් රතු පක්ෂ විසින් මැද මාවත සහ සමාජවාදී ප්‍රතිපත්ති කියමින් මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කීයක් නැවැත්තුවද කියලා ගණන් හදලා බලන්න. අද රටට හෙණ ගහලා තියෙන්නේ ඒ අවස්ථාවාදී විරෝධතා නිසා. බුලත් කොළේට පොහොට්ටුවට ඡන්දෙ දීපු පිරිස තමයි දැන් මාලිමාව වටේ එකතුවෙලා ඉන්නේ... ඔවුන් එකම කුලකයක්... වරින්වර එකතුවෙනවා වෙන් වෙනවා. ඔවුන් බටහිරට බයයි. දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලට බයයි. හැම වෙලේම වෙන රටක් අපි ගිලගන්න ඒවි කියලා බයෙන් ඉන්න ජනකොට්ඨාශයක්...
දක්ෂ විවේචකයෝ කියන්නෙ දක්ෂ පිතිකරුවෝ නෙවෙයි. අනුර දක්ෂ විවේචනයට සහ කතාවට... සජිත් දක්ෂ වැඩ කරන්නටයි. මේ රටට ඕනෑ දක්ෂ වැඩකරුවෙක් මිස විවේචකයෙක් නෙවෙයි. අනුර හොඳයි විපක්ශ නායක තනතුරට... ගෝඨාභයට ඡන්දෙ දුන්නේත් අද අනුරට හුරේ තියන පිරිසමයි. ගෝඨාභය දිනුවාට පස්සේ තාප්පවල චිත්‍ර ඇන්දේත් ඒ පිරිසමයි. මහින්ද බලයට ගේන්න මුක්කුව ගැහුවේත් jvp එක. ඒ සියල්ලෙන් ඔවුන් තමන්ගේ නොහැකියාව පෙන්නුවා...
විවාදය මඟ හැරීමෙන්ම සජිත් ඔප්පු කරල ඉවරයි ලපය ඉන්නෙ එයාට හුගක් ඉහලින් කියල
අනුර ලංකාවේ නැති දවස් ටිකක් බලලා සජිය විවාදෙට දින දීල වගේ
ඉස්සෙල්ලම ජාජබ නායකයෝ අතරේ විවාදයක් තියන්නකෝ බලන්න. ලාල්කාන්ත කියන දේ නෙවෙයි හරිනි කියන්නේ. ඒ දෙන්නටම වඩා වෙනස් දේවල් අනුර කියන්නේ. ටිල්වින් කියන දේවල් පූටින්ටවත් තේරෙන එකක් නෑ. අනුර දෙරණේ 360 ට ඇවිල්ලා වැටිච්ච අමාරුව දැක්කා සජබෙට උත්තර දෙන්න ගිහින් නෙවෙයි තමන්ගෙම පක්ෂේ අයගේ කතා වලට උත්තර දෙන්න ගිහින්.