
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගානට්ස් විද්‍යුත් මාධ්‍ය ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
යුද කැබිනෙට්ටුව පශ්චාත් යුද සැලැස්මක් එළඹෙන 8 වැනිදා වනවිට සකසා අනුමත කළ යුතු බවත් එම සැලැසුමට හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගෙන ඇති ඊශ්‍රායල ජාතිකයන් මුදා ගැනීම, හමාස් සංවිධානය ගාසා තීරය පාලනයෙන් ඉවත් කිරීම සහ යුද්ධයෙන් පසු ඊශ්‍රායල හමුදා පලස්තීන භූමිය පාලනය කිරීම යන කරුණු ඇතුළුව ජාතික වැදගත්කමක් ඇති උපාය මාර්ගික කරුණු 6 ක් ඇතුලත් විය යුතු බවත් බෙනී ගාන්ට්ස් පැවැසුවේය.
එලෙස පශ්චාත් යුද සැලැස්මක් යුද කැබිනට්ටුව අනුමත නොකොළහොත් තමන් සහ තම පක්ෂය යුද කැබිනට්ටුවෙන් ඉවත්වන බව බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කළේය.
බෙනී ගාන්ට්ස් ජනතාව අමතමින් මෙම ප්‍රකාශය සිදුකළත් මෙය සැබැවින්ම අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට කළ අනතුරු ඇඟවීමක් බව දේශපාලන විචාරකයෝ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිලා ලයිසන් තියන ත්‍රස්ත වාදීන්. කොටි ප්රභාකරන්ලාටයි තොපිලටයි වෙනසක් නෑ. ප්‍රභාකරන්ලා විනාශ වුනා වගේ අනිවාරෙන් තමුන්ලත් විනාශ වෙනවමයි .
ඔය කොයි රටටත් අපිට උදව් කරලා තියෙන බව අමතක කරන්න එපා... ඊශ්‍රායල් වලින් තමයි පේ ගුවන් හමුදාවේ නියමුවන් මුලින්ම පුහුණු කලේ...