(ගයාන් සූරියආරච්චි)

පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සපා කෑම හේතුවෙන් කොස්තාපල්වරයා තුවාල ලබා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිසියේ සිරමැදිරියේ රදවා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීමට යාමේදී එම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මොනරාගල හුලංදාව ප්‍ර දේශයේ පදිංචි 26 ක පුද්ගලයකු බව පොලිසිය කියයි.

එහිදී සැකකරුගේ ග්‍රහණයෙන් කොස්තාපල්වරයා මුදවාගැනීම සදහා පොලිසියට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර එහිදී කාර්ය භාර නිලධාරියාගේ මේසය මත තිබූ වීදුරුවකට සැකකරු අතින් පහරදීම හේතුවෙන් සැකකරුගේ අතට තුවාල සිදුවී ඇත බවද පොලිසිය පවසයි.