(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථයේ බොනොට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇත.
එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා මීටර් 15ක්දි පමණ ඉදිරියට රිය ධාවනය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි. වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදිංචිය කොළඹ 7, වෝඩ් පෙදෙස කියන්නේ ඉතා ඉක්මනින්ම නිදහස ලැබීමට නියමිතයි.
රටේ නම කන අය...
ජවිපෙ වෙන්න බැහැ.. වෝඩ් පෙදෙසේ නිසා නේද? හැම එකටම ජවිපෙ ගාවන අයට මාර වැඩේ...
සල්ලි තිබුණාම... වාහනයක් තිබුණාම සේරම හරි, අතින්, පයින්, කටින් දිනන්න හදන මන්ද මානසිකයෝ තමයි මේ... මේක පොලිස් ඇමැති ගමේකමට සලකලා ගොඩදාවි..!
ඇමරිකානු නියෝජිතයෙක් වත්ද?