( රොමේෂ් මධුෂංක)

මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලාවතුර පොලීසිය පැවසීය.

මන්නාරම යුදහමුදා බුද්ධිඅංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ් පිළිබඳව ශිලාවතුර පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් නිලධාරීන් පිරිසක්ද සමගින් සිරිත්තොප්පු රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් පැමිණි කාර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර තවද පූජා භාණ්ඩ කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් ශිලාවතුර පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.