ජනාධිපතිවරණයට ඇප ගැනීම අනිද්දා අවසන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අනිද්දා (14) දහවල් 12.00ට අවසන් කෙරේ. 12 August 2024
පොහොට්ටුවත් අනුරාධපුරයෙන් ජනාධිපති සටන අරඹයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරයේදී මේ මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 12 August 2024
මිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරති මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ. 12 August 2024
පෙරහර අස්සේ බියර් කෑන් විකුණලා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙමින් තිබියදී ඒ අසල අවන්හලක් තුළ බීර කෑන් අලෙවිකරමින් සිටි ව්‍යාපාරිකයකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 August 2024
විශ්‍රාමිකයන්ගේ තුන්දාහ කොමිසමෙන් නවත්වයි විශ්‍රාමිකයන්ට වැඩි කළ රුපියල් 3000 ක අන්තර් කාලීන දීමනාව සැප්තැම්බර් මාසයේ නොගෙවන්නැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ. 12 August 2024
පෙම්වතිය සොයා ගිය එක්දරු පියාගේ සිරුර ළිඳකින් මතුවේ සිය පෙම්වතිය බව කියන 19 හැවිරිදි තරුණිය සොයාගෙන මීගමුව ප්‍රදේශයේ සිට හලාවත තොඩුවාව ප්‍රදේශයට පැමිණි අවුරුදු 30 වයස තරුණයකුගේ සිරුර එම ප්‍රදේශයේ පාළු ළිඳක තිබියදී පෙරේදා (11) සවසගොඩගත් බව තොඩුවාව පොලිසිය සඳහන් කරයි. 12 August 2024
ADB නියෝජිත - අනුර කුමාර අතර හමුවක් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆූමී කැඩෝනෝ (Takafumi Kadono) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හමුවියා . 12 August 2024
සිසු වලියෙන් සිසුවෙක් රෝහලේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක සිසුවකුගේ හිස ප්‍රදේශයට සිදු කළ පහර දීමකින් එම සිසුවා අනුරාධපුරස් ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසි කියයි. 12 August 2024
මාදම්පේ මැදගමට අලි පනිති මාදම්පේ මැදගම ප්‍රදේශයට අද (12) දහවල් වල්අලි රංචුවක් කඩා වැදී ඇති බව වාර්තා වෙයි. 12 August 2024
බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියට කෝටි 25ක් වැඩිපුර ගෙවලා අත්තනගල්ල බස්නාගොඩ ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කළ රුපියල් කෝටි 209 ක ලන්සුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත කෝටි 234 ක් දක්වා වැඩිකර පිරිනැමීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) විමර්ශන අරඹා ඇත. 12 August 2024
රනිල් අනුරාධපුයෙන් ජනපති සටන අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (17) අනුරාධපුරයේ දී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹයි. 12 August 2024
මරුවාට අත වනන මස්කෙළිය කම්බි පාලම නුවරඑළිය අඹගමුවේ ගම්මාන 100කට අධික ප්‍රමාණයක දහස් ගණනක් පිරිස සහ පාසල් පහකට පමණ යන සිසු දරුවන් දෛනිකව ප්‍රයෝජනයට ගන්නා මස්කෙළිය ඔය හරහා මීට වසර 66කට පෙර ඉදිකරන ලද කම්බි පාලම ජනතාවගේ මරුකපොල්ලක් වී ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. 12 August 2024
වතු සේවක වැටුපට පඩිපාලක සභාවේ අනුමැතිය වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලබාදීමේ තීරණය පඩිපාලක සභාවේදී අද (12) අනුමැතිය ලැබිණ 12 August 2024
මත්පැන් බලපත්‍ර ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් දීමට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමය මැතිවරණ කොමිෂන් සභාවට අද (12) පැමිණිලි කළේය. 12 August 2024
ප්‍රේමලාල්ගෙන් යළිත් කරනමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ. 12 August 2024
16 දැරියට අතවර කළ සිසුන් 21 දෙනා රැඳවුම් බාරයට තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය. 12 August 2024
සුරාබදු සමාගම්වලින් කෝටි 800ක බදු පොල්ලක් සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 800 ක් දක්වා ඉහළ නැග ඇතැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 12 August 2024
සජබ පුටු දෙකක් හිස් යැයි මැකෝට කියයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර දෙකක් පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවැසීය. 12 August 2024
කැස්බෑවේ අනතුරින් දෙකක් මරුට බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු යටකර යෑම නිසා එම පුද්ගලයන් දෙදෙනාම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 12 August 2024
වේවැල්දෙනියේ අනතුරකින් 3ක් මරුට කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට පොලිසිය කියයි . 12 August 2024
චමරි අයි.සී.සී දක්ෂතම ක්‍රීඩිකාව වෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු තෝරාගෙන තිබේ. 12 August 2024
රොෂාන් රණසිංහ ඇප තියයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කෙරිණ. 12 August 2024
වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්රඥප්තියක් උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(12) කටයුතු කළේය. 12 August 2024
වැවිලි සමාගම් වලට තිබූ ලැයින් ඉඩම් අයිතිය රජයට ගන්න යයි වැවිලි සමාගම් වලට බදු දී තිබෙන ලැයින් කාමර පිහිටි ඉඩම් වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 August 2024
රට ඡන්ද නිරීක්ෂකයන්ට මැකොගේ අවසර ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. 12 August 2024
අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 12 August 2024
අනුර නාම යෝජනා අත්සන් කරයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද(12) අත්සන් තැබීය. 12 August 2024
ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කළ සිසුන් දෙදෙනා මාට්ටු පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ විජය විද්‍යාලයට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධකොට සමාජ මාධ්‍යයට මුදා හල බව කියන එම විදුහලේ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 August 2024
මුළු දකුණම අප ජය ගන්නවා මෙම ජනාධිපතිවරණයේදී මුළු දකුණු පළාතම ජයග්‍රහණය කොට ජනබලයෙන් ජනසවියෙන් අපේ රටේ දුක නිවාලන යුගයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ආරම්භයක් හැටියට එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකය එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් හෝ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 12 August 2024
ඡන්ද ලකුණු අතරට කැරට් අලයත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ඡන්ද ලකුණු 196 න් විසි අටක්ම විවිධ සතුන් බව මැතිවරණ කොමිසම පවසයි 12 August 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026