
(යොහාන් භාසුර)
දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
දුමින්ද සිල්වා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි තීරණ ලැබීමෙන් පසුව ඊට අදාල ඉදිරි කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන බවත් අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් දිසානායක මහතා කීය.
අදාල සිරකරු බන්ධනාගාරය වෙත බාරදීමේදි ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීම මත බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ මේ වන විටත් රදවා ඇති බවත් දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් පළ කළ විවේචනාත්මක පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා කීය.
එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් එම සිරකරුහට ලබාදීමක් සිදු වී නැති බවත් බන්ධනාගාර රෝහලේ රඳවියන් 50 කට අධික සංඛ්‍යාවක් නේවාසික ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබදව කරුණු සොයාබැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කළ අතර ස්ථාන පරික්ෂාවන් හා මූලිකවිමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිලියක් හෝ විශේෂ පහසුකමක් දී නොමැති බව අනාවරණය වූ බව ද ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියා කිව්වා සේ ප්‍රසිද්ධියේ මාධ්‍ය තුළින් නිතර නිතර අසන්නේ නීති විරෝධී භාණ්ඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළින් හමුවන්න බවයි.
රාජපක්ෂලාට අහුවෙලා විනාශ වුන තවත් චරිතයක්…. මදැයි ගෝටාගේ ඕඩර් වලට කොලා…මෙයා බන්ධනාගාර රෝහලේ තබා ගැනීමම වරප්‍රසාදයක්නේ…
අනේ.., අපි නොදන්න චෙස්….!
දොස්තරලගෙ වත්කම් පරීක්ෂා කලානම් දුමින්දයට ඇත්තටම ලෙඩක් තියෙනවද නැද්ද කියල ටක්කෙටම දැනගන්න පුලුවන්.
ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලාම හිරගෙදර නැමති හොර ගුහාවෙන්….
හිරගෙදර නැමති හොරගෙදර… ඒකෙ වෙන්නේම හොර වැඩ…
ලසන්ත වික්‍රමතුංග, එක්ණැලිගොඩ කේස් ළඟඳීම පත්තු වෙනවා. ගෝඨා මාමිත් ළඟදීම තනි රකින්න එයි..
මෙයාව වාට්ටුවල තියෙන උතුරන වැසිකිළියකටද යන්නේ? හෙද පනිෂ්මන්ට් එක… ඇතිද ගෝඨාට දෙන්න ගියා…