
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමෙන් මහජන සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගෙන සුද්ද පවිත්‍ර කිරීම සිදුකෙරිණි
පුරා පැය තුනහ මාරකට අධික කාලයක් පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් , පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන්කර ඒවා ට්‍රැක්ටර් තුනක බහා එම කසල තොගය භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයකුට අයත් භූමියකට බැහැර කිරීමට කටයුතු කෙරිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම සුද්ද කළා කියලා වැඩක් නැහැ. බාගෙට පරිණාමය වෙලා තියන අපේ ඇත්තෝ ඔතැනට ආපහු පැරණි විදිහටම කුණු ගොඩ ගසනවා. ඒවා නවත්තන්න නම් දියුණු රටවල වගේ දැඩි නීති හා දඬුවම් ගේන්න ඕනේ.
සුනාමි ව්‍යාපෘතියේ ගෙවල් 500ක් අතහැරලා දාලා තියනවා ඒවත් ඒවත් භාවිතයට ගන්න පුළුවන් වැඩ පිළිවෙළක් කළොත් හොඳයි නේද?
කසල තොගය භාරගන්න ඇත්තේ පහුගිය ඡන්දෙට මාලිමාවේ පෝස්ටර් වලට වියදම් කරපු කෙනෙක් වෙන්න ඕනෑ. තව ටික දවසකින් පාරක් අයිනට ගෙනත් දාන්න ඉඩ දෙන්න එපා. මොවුන්ව එච්චරටම ෂුවර් නෑ.
හොඳ ආදර්ශමත් ඇරඹුමක් හා පියවරක් මේ වගේ රටපුරා කරන්න පුළුවන් ජනතාව සහභාගි කරගෙන රටක් සහ ජාතියක් ලෙස පෙරට යන්න නම් මෙවැනි පියවරවල් අත්‍යාවශ්‍යයි.
කසල මෙතෙක් පිරිසිදු නොකළ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවට වගකීම නැතිද? බදු එකතු කර සේවකයින්ට පින්පඩි ගෙවීම හරිද?
මේ වගේ කරන පිරිසිදු කිරීම් විවේචනය කරන්නේ අමු හඩ්ඩෝ, මූණ හෝදන්නේ නැති, දත් මදින්නේ නැති අය. ඉතින් මේවට කැමැති නැහැ...
පාර පාලම පිරිසිදු කිරීම පලාත් ආණ්ඩු සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය සතු වගකීමක්. ආයතන දෙකම වගකීම පැහැර හැර තිබෙනව.
ප්‍රධාන ගැටලුව වන්නේ නගර සීමාව අවට ප්‍රමාණවත් අපද්‍රව්‍ය බාල්දි නොමැති වීමයි. පාරේ ගියොත් එහෙම බාල්දි වැඩිය නෑ.