IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල්  තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ වෙළදසැලක් අසළදි ලොරිය නවතා සහල් මිටි බෑමට සුදානම් වෙද්දි ලොරිය තුළ සහල් මිටි අතර සුනඛයින් දෙදෙනකු සිටින ආකාරය නගරයේ සිටි අයකු දැක ජංගම දුරකථනයෙන් විඩියෝ කර මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ට යොමු කර තිඹුණි .

ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය අත් අත්ඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කර තිබේ

රුපියල් ලක්ෂ විසි එක ඉක්මවු මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියේ තිබු බවත් තිස්සමහාරාමයේ සහල් මෝලකට ලොරිය අයත් බවත් පරික්ෂණ සිදු කරන නිළධාරිහු පවසති.

 



අදහස් (10)

බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා

Nihal Saturday, 04 January 2025 11:58 PM

බලු මුත්‍රා කලවං බතකින් තවත් වයිරසයක ආරම්භයක් වීමක් තියෙනවා. චීන්නු කන්නැති ජරාවක් නෑ.

:       24       3

විමල් Sunday, 05 January 2025 07:30 AM

බලු ජරාව සමග තමයි මෙච්චරකල් මහ ජනයාගේ බඩවත ගැන සළකා තියෙන්නේ. ක්ලීන් කරාට මදි වෙයි. මකවලාම හදන්න වෙනවා.

:       0       9

pj Sunday, 05 January 2025 09:03 AM

බල්ලා සුරතලයට ඇතිකරන ජීවියෙකි. බල්ලා කැතකළ විට ගඳයි. මිනිසා කැත කළ විටද ගඳ දෙවැනි නැත.. වී පැදුරුවලට ද බල්ලෝ පූසෝ කැතකරති... PHI ලා වී පැදුරු බලන්න නොපැමිණේ.. සහල් හොඳින් සෝදා බත් හදා ගන්න. ප්‍රශ්ණයක් නම් උපදෙස් සදහා ක්ලීන් ශ්‍රී ලංකා අමතන්නට ද හැකියි.. ගුල්ලෝ සුරතල් ජීවින් නොවේ.

:       7       15

jani Sunday, 05 January 2025 11:21 AM

අනේ දෙවියනේ රිලා මස් කන්න කියලා වැඩි දවසක් ගියේ නෑ. බලු මසුත් අපිට කන්න කියන්නද හදන්නේ?

:       3       8

sam Sunday, 05 January 2025 12:20 PM

ඔය හරක් දෙන්නට අසූචි කවන්නයි තියෙන්නේ. මයිනලාගේ නඩයෙක් වෙන්න ඇති...

:       12       9

m. saman perera Sunday, 05 January 2025 01:33 PM

සහල් ගබඩා කරලා තියන තැන්වල මීයෝ, කැරපොත්තෝ, ගුල්ලෝ... ඒවා හොඳද එතකොට...?

:       8       7

ddsSunday, 05 January 2025 02:44 PM

කාගෙන්ද අහන්නේ? මීයන්ගෙන්ද, කැරපොත්තන්ගෙන්ද, ගුල්ලොන්ගෙන්ද? හරියට කියන්න මාත්තයෝ.

:       0       7

බකල ජයා Sunday, 05 January 2025 02:32 PM

බල්ලෝ වෙනම ගන්ඩ ඕනද, නැත්තං හාල් ගත්තාම බල්ලෙක් නිකංද?

:       0       7

පිටිගල මිලානෝ Sunday, 05 January 2025 03:35 PM

අනේ බලන්නකො මාලිමාව හාල් ප්‍රවාහනය කරන හැටී…

:       5       2

ජිල්බු ට්‍රාන්ස්පෝට් Monday, 06 January 2025 09:26 AM

Mr පිටිගල, ඔයාට බල්ලො විතරක් මදිද? තව ඕන වර්ග නම්කරලා එවන්න. ඉදිරියේදී සලකලා බලන්නම්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 525 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17227 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 695 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site