
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ වෙළදසැලක් අසළදි ලොරිය නවතා සහල් මිටි බෑමට සුදානම් වෙද්දි ලොරිය තුළ සහල් මිටි අතර සුනඛයින් දෙදෙනකු සිටින ආකාරය නගරයේ සිටි අයකු දැක ජංගම දුරකථනයෙන් විඩියෝ කර මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ට යොමු කර තිඹුණි .
ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය අත් අත්ඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කර තිබේ
රුපියල් ලක්ෂ විසි එක ඉක්මවු මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියේ තිබු බවත් තිස්සමහාරාමයේ සහල් මෝලකට ලොරිය අයත් බවත් පරික්ෂණ සිදු කරන නිළධාරිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු මුත්‍රා කලවං බතකින් තවත් වයිරසයක ආරම්භයක් වීමක් තියෙනවා. චීන්නු කන්නැති ජරාවක් නෑ.
බලු ජරාව සමග තමයි මෙච්චරකල් මහ ජනයාගේ බඩවත ගැන සළකා තියෙන්නේ. ක්ලීන් කරාට මදි වෙයි. මකවලාම හදන්න වෙනවා.
බල්ලා සුරතලයට ඇතිකරන ජීවියෙකි. බල්ලා කැතකළ විට ගඳයි. මිනිසා කැත කළ විටද ගඳ දෙවැනි නැත.. වී පැදුරුවලට ද බල්ලෝ පූසෝ කැතකරති... PHI ලා වී පැදුරු බලන්න නොපැමිණේ.. සහල් හොඳින් සෝදා බත් හදා ගන්න. ප්‍රශ්ණයක් නම් උපදෙස් සදහා ක්ලීන් ශ්‍රී ලංකා අමතන්නට ද හැකියි.. ගුල්ලෝ සුරතල් ජීවින් නොවේ.
අනේ දෙවියනේ රිලා මස් කන්න කියලා වැඩි දවසක් ගියේ නෑ. බලු මසුත් අපිට කන්න කියන්නද හදන්නේ?
ඔය හරක් දෙන්නට අසූචි කවන්නයි තියෙන්නේ. මයිනලාගේ නඩයෙක් වෙන්න ඇති...
සහල් ගබඩා කරලා තියන තැන්වල මීයෝ, කැරපොත්තෝ, ගුල්ලෝ... ඒවා හොඳද එතකොට...?
බල්ලෝ වෙනම ගන්ඩ ඕනද, නැත්තං හාල් ගත්තාම බල්ලෙක් නිකංද?
අනේ බලන්නකො මාලිමාව හාල් ප්‍රවාහනය කරන හැටී…