රබර් හදන රටවලට යුරෝපා සංගමයෙන් නියාමන පනතක් වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ. 19 May 2024
රිලවාට තැබූ වෙඩිල්ල කතකට වැදිලා ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වෙලම්බොඩ පොලිසිය පවසයි. 19 May 2024
සුරක්ෂා දෙන්න කැබිනට් අනුමැතිය ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 19 May 2024
අධික වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ. 19 May 2024
බදුල්ලේ අවහිර වී තිබූ ප්‍රධාන මාර්ග දෙකම විවෘත කරයි නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය. 19 May 2024
දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19 )නිකුත් කර තිබේ. 19 May 2024
වැස්ස තව තවත් වැඩිවන ලකුණු ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2024
නැගෙනහිර මුහුදේ අනතුරක් මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් තිදෙනකු බේරා ගත් බවත් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි නාවික හමුදාව පවසයි. 19 May 2024
මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි. 19 May 2024
තරුණයා දැරියකගේ දිවි බේරයි කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය . 18 May 2024
’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන් ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවැසුවේය. 18 May 2024
ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 18 May 2024
ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක් ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත. 18 May 2024
පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය. 18 May 2024
ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. 18 May 2024
බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක් මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 May 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.. 18 May 2024
අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතාට දැනුම් දුන්නේය. 18 May 2024
ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. 18 May 2024
දේශපාලන රැස්වීම්වලට ග්රාමසේවකලා නැතිලු දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 18 May 2024
නාවික හමුදාවේ 3,146කට උසස්වීම් කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්වීම් දුන් බව නාවික හමුදාව පැවසීය. 18 May 2024
උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. 18 May 2024
මත් කුඩු කිලෝ 450ක් අද වනසයි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදුකෙරේ. 18 May 2024
වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ බලාපොරොත්තුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 May 2024
ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය. 18 May 2024
හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය. 17 May 2024
ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධානය ලංකාවට කියයි දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. 17 May 2024
හොර වෙද්දු ගැන කියන්න අංකයක් නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ 17 May 2024
ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි නිකවැරැටිය මූලස්ථාන පොලිසිය පවසයි. 17 May 2024
ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (17) පැවසීය. 17 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025