ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක් පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. 20 May 2024
බන්ධනාගාර නිලධාරීන්ට 15000ක් දෙන්න කැබිනට් සංදේශයක් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 20 May 2024
මුලින්ම එන මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (20) පැවසීය. 20 May 2024
ජනපති ඉරානයට ශෝකය පළ කරයි ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 20 May 2024
කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ . 20 May 2024
’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’ තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. 20 May 2024
දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 20 May 2024
ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන යූනියන් ටෙරටරි ප්‍රාන්ත දෙකක මැතිවරණ පැවැත්වෙයි. ඒ, ලොක් සභාවේ ආසන 49 ක් වෙනුවෙනි. 20 May 2024
මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය. 20 May 2024
ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 20 May 2024
ලී බඩු අලෙවිසැලේ ගින්නෙන් මුරකරු මරුට මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි. 20 May 2024
බන්ධනාගාර නිලධාරීහු ලෙඩ වෙති බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය. 20 May 2024
‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්න‘ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති. 20 May 2024
අසිරිමත් වෙසක් උත්සවයට සැරසෙමින් වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති. 20 May 2024
වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ ගෝලීය බදු පැහැර හැරීම ආශ්රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී පැවසීය. 20 May 2024
යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 20 May 2024
අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි. 20 May 2024
මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත. 20 May 2024
නාන්න ගිය දෙදරු මවගේ සිරුර කුඹුක්කන් ඔයේ පාවෙයි කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි . 20 May 2024
හොරණ වෙඩික්කරු කොට්ටාවේදී කොටුවෙයි හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 20 May 2024
අහසින් ඇවිත් පලිබෝධනාශක ඉසීම අරඹයි මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 20 May 2024
මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. 20 May 2024
ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 20 May 2024
සුන්බුන් හමුවෙයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි. 20 May 2024
ඇමෙරිකාව නිහඩයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. 20 May 2024
ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී. 20 May 2024
උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය කියයි. 20 May 2024
බීඩිකොළ සමඟ ලොරිය පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 20 May 2024
කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ? අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 20 May 2024
මෝසම් වැසි සක්‍රියවේ:පළාත් රැසකට තද වැසි නිරිතදිග මෝසම් තත්වය දිවයිනට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තව දුරටත් බලාපොරෝත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025