
(අංජුල මහික වීරරත්න)
මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටු පොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ (රත්මලාන) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා දිරිගැන්වීමේ සහන යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ.
ඒ යටතේ එම ගුවන්තොටුපොළවල් සඳහා අපගමන බද්දට අදාළව සලසා ඇති සහන තවදුරටත් පහත සඳහන් පරිදි දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දෙන් 50%ක ගාස්තු අත් හැරීමේ සහනය 2026-01-30 දින දක්වා දීර්ඝ කිරීම.
* කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ (රත්මලාන) වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දෙන් 50%ක ගාස්තු අත්හැරීමේ සහනය 2025-03-27 දින සිට වසරක කාලයක් දක්වා දීර්ඝ කිරීම.
* මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ වෙත නිශ්චිත කාලසටහන් ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දට අදාළ පූර්ණ සහනය 2024-12-29 දින සිට තවත් වර්ෂයක කාලයක් දක්වා දීර්ඝ කිරීම.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආගන්තුක ’’ගුවන් කුරුල්ලන්ට’’ බදු සහන
Rasi Wednesday, 08 January 2025 08:44 AM
මන් මේ ලගදි ගුවන් ටිකට් පතක් මිලදී ගද්දී බැලුව බදු සම්බන්ධයෙන් ඒ ඒ ගුවන් තොටුපළවල් අය කරන ගනන් සම්බන්ධයෙන්. කොළඹ තමයි වැඩියෙන්ම අය කරන ගුවන් තොටුපල. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එහෙමයි. මෙච්චර වැඩියෙන් අය කරලත්, මේවා පාඩු ලබනවා කියන්නේ, අති විශිෂ්ටයි තමයි.
vernon Wednesday, 08 January 2025 08:58 AM
මේ පුවතේ මුලින් කියන්නේ හඳුන්වාදීමක් වුවත් පස්සේ තියෙන්නේ තියෙන සහනය තවත් දිගු කිරීමක්නේ.