පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 21 May 2024
සජබෙ ආසන සංවිධායක එජාපයට සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 21 May 2024
‘අවදානමක් නැතිනම් පුත්තලමේ පාසල් අරඹන්න‘ ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්තලම හා හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අද(21 ) උපදෙස් දුන්නාය. 21 May 2024
දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 21 May 2024
නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු දෙන්න කැබිනට් අනුමැතිය අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 21 May 2024
ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්රිත් යයි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි 21 May 2024
කසිප්පු පෙරූ එස් අයි ගේ වැඩ තහනම් කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් I පොලිසි අධිකාරී කාර්යාලය පවසයි. 21 May 2024
අලි මිනිස් ගැටුම පාලනයට ක්‍රම දෙකක් අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. 21 May 2024
බොරැල්ල කනත්තේ මහ ගසක් පාරට වැටෙයි බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය. 21 May 2024
මාළදෙණියේ පුංචි පවුල අවසන් ගමනේ පාපතර ඥාතී පුත්‍රයාගේ දෑතට ගෙල සිරවීමෙන් මිය ගිය මීරිගම මාළදෙනියේ මව පියා සහ පුතාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි . 21 May 2024
දුමින්දට එරෙහි විජයදාසගේ පෙත්සම යළි සලකා බැලීම හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගය හෙට සිදුකිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) දින නියම කළේය. 21 May 2024
වෙසක් සමරන්න රටපුරා දන්සල් 5.000ක්: තොරණ 320 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය. 21 May 2024
ගසක් කඩා වැටි අයෙක් මරුට ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2024
ආර්ථික පරිවර්තන පනත හෙට මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ( 22) ඉදිරිපත් කිරීමට නියමිතය 21 May 2024
අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 21 May 2024
’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායාරූප මාධ්‍යකරණය තෙවැනි ස්ථානය සහ එහි කුසලතා සම්මාන ‘ලංකාදීප’ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ හිමිකරගැනීමට සමත් විය. 21 May 2024
ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ. 21 May 2024
බන්ධනාගාර වර්ජනය අවසන් බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසිය. 21 May 2024
මතීෂ පතිරණ ලක්ෂ 360කට අළෙවි වෙයි කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය. 21 May 2024
ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 21 May 2024
වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි. 21 May 2024
ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. 21 May 2024
නොදන්වා රට පැන්න හමුදාවේ 373ක් ඉවතට පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 15,667 ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය. 21 May 2024
ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 21 May 2024
අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ. 21 May 2024
ඩයනා ගමගේට ඇප හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 21 May 2024
විදුලිසැර වැදී ව්‍යාපාරිකයා මරුට මුන්දලම - බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි. 21 May 2024
ඩයනා අධිකරණයට බාර වේ කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. 21 May 2024
වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025