ගුවන්තොටේ සිට සුඛෝපභෝගී සීඝ්‍රගාමී බස් සේවාවක්
ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) අද(15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළේය .