රුසියාව දියත් කළේ අභ්‍යවකාශ අවියක්ද? රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්‍රිකාවට අනෙක් චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකාව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේය. 22 May 2024
ඩෝසන් බංගලාව විකුණන්න හදනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය. 22 May 2024
ජනපති ඉරාන තානාපති කාර්යාලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත අද (22) පෙරවරුවේ ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය. 22 May 2024
රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය. 22 May 2024
නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කීවාය. 22 May 2024
ආර්ථික පනත මූල්‍ය කළමනාකරණ පනත මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ( 22) ඉදිරිපත් කෙරිණ. 22 May 2024
විජයදාසගේ අභියාචනය තෙවැනි දිනටත් කල්යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 31 දින සිදුකිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) දින නියම කළේය. 22 May 2024
ගුවන් තොටේ පහර දීමට නීතිය කෝ? රාජ්‍ය අමාත්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය. 22 May 2024
පාන් ගෙඩියේ වීදුරූ කැබැල්ලක් යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය කියයි. 22 May 2024
තරග පාවා දුන් බංගලියාට රටින් පනිනන් බැරිවෙයි ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ 2024 කණ්ඩායමක කළමණාකරන මණ්ඩල සාමාජිකයෙක් වන බංග්ලාදේශ ජාතිකයකු තරග පාවාදීමේ සිද්ධියකට අදාලව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 22 May 2024
‘ග්‍රාම නිලධාරීන් ගැන නොබැලුවත් ප්‍රශ්නෙ ඔඩුදුවාවි‘ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 May 2024
ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන අද (22) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 22 May 2024
පොල්ලකින් පහරදී ඝාතනය කරලා නිවසේ තනිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි. 22 May 2024
වායු කපොල්ලකට හසුවූ ගුවන් යානයේ මගියෙක් මරුට ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන්සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 May 2024
සජිත් විදුලි බිලට ඉක්මන් සහනයක් ඉල්ලයි පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 22 May 2024
ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 22 May 2024
අපනශාලාවේ කතට අතවර කළැයි සැරයන් අත්අඩංගුවට බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය පවසයි. 22 May 2024
දුම්රියක් පීලි පනී දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි. 22 May 2024
ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට එයි ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 22 May 2024
වැසි -සුළං අඩු නොවන හැඩ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2024
මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 22 May 2024
පිලිපීන කත කුඩු සමග අල්ලයි රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි. 22 May 2024
වරෙන්තු 59ක් ලබා සිටි කතක අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ ඇති කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 22 May 2024
ඝාතනයකට සම්බන්ධ දෙකක් මාස 11කට පසු මාට්ටු කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් විසි පහක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතලිස් හයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 22 May 2024
ඉරාන ජනපතිට බුලත් දුන් ගයිදු ලංකාදීපයට කතා කරයි ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණායැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පැවැසීය. 22 May 2024
මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට පැමිණ ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාස් සාහේ මහතා ප්‍රකාශ කළේය. 21 May 2024
රේගුවේ පරිප්පු පිට පාරේ යයි ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ. 21 May 2024
පේරාදෙණි සරසවියේ යතුරු 21ක් වර්ජකයෝ අතේ පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි . 21 May 2024
බසයක් පෙරැළී හයක් රෝහලේ කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන් පොලිසිය පැවසීය. 21 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025