IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කටුනායක ගුවන්තොටුපළ -මාකුඔුර සුඛෝපභෝගී බස් සේවයක්

     

 

 

( කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා ගමනාගමන  මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර ඇත

කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා එක් මගියෙකුට යාමට අයකරන ගාස්තුව රුපියල් 450 කි. 

 



අදහස් (11)

කටුනායක ගුවන්තොටුපළ -මාකුඔුර සුඛෝපභෝගී බස් සේවයක්

rakitha Friday, 10 January 2025 11:30 AM

මේ සඳහා විශේෂිත බස් යොදවනවා නං හොඳයි , අඩුම තරමේ ගෙනෙන ගමන් මලු ටික උඩ රඳවාගන්න පුළුවන් ලොකු රාක්ක සවිකරපු බස් වත්

:       1       60

Anura Friday, 10 January 2025 02:15 PM

රාක්ක තිබෙන්නේ පරණ බස්වල. දැන් එන ඒවායේ බසයේ ඉඳගන්න තට්ටුවට පහළ තට්ටුවක් වෙන් කරලා තියෙනවා.

:       0       20

රම්බොඩ Friday, 10 January 2025 12:25 PM

හිටපු නායකයින් රටට දායාද කරලා ගිය සම්පත්වලින් රටට උපරිම ප්‍රයෝජන ගන්න එක පවතින පාලනයේ වගකීම. රනිල් මත්තල වී ගබඩා කළා වගේ හරක් වැඩ නොකර...

:       8       25

රංගFriday, 10 January 2025 07:35 PM

දායාද? ඇයි ඒ ගොල්ලන්ගේ සල්ලි වලින්ද ගෙවන්නේ?

:       0       8

Lalla Friday, 10 January 2025 01:01 PM

ඕක අඩුම තරමේ හැම පැය භාගයකට වරක් බස් රථයක් ධාවනය කරවන්න පුළුවන්ද?

:       2       25

Sampath Friday, 10 January 2025 01:44 PM

ඉතාම හොද වැඩක්. කප්පම්කරුවන්ගේ බලපෑම් වලට යටත් නොවී දිගටම පවත්වාගෙන යන්න පුලුවන් වේවා.

:       0       35

2600860 Friday, 10 January 2025 01:50 PM

මාකුඹුර බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා යාමටත් එවැනිම බස් සේවයක් ආරම්භ කරනවා නම් බොහොම පිං මොකද හෝමාගමින් හා එම ආසන්න ප්‍රදේශවල සිට පිටකොටුව දක්වා ධාවනය කරන බස් විවිධාකාර ගාස්තු අයකරනවා... බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිනිස්සු හඳුනාගෙන තියෙන සියලුම වැරැදිත් කරනවා බලන්න කෙනෙකුත් නැහැ...

:       0       16

Anura Pathirana Friday, 10 January 2025 02:18 PM

මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ටැක්සි රථ මාෆියාවක් තිබෙනවා. කිසිම රජයකට මෙය වෙනස් කරන්න බැරිවුණා. කෙසේ හෝ බස් සේවාවන් නවත්වා දමනවා. ඉන්න බොහෝමයක් එජාපයන්. අනෙක් අය පොහොට්ටු NPP ය.. ටැක්සි මාෆියාවේ කිසිවෙකුගෙන් බැනර් දමන්න, පොස්ටර් ගහන්න උදව් ගත්තේ නැති නිසා ඔවුන්ට පුළුවන් වේවි.. අපි බලමු.

:       0       21

Perera Friday, 10 January 2025 02:49 PM

බොහෝම හොඳ වැඩක්...!

:       0       15

Lakmal katunayaka Friday, 10 January 2025 03:38 PM

ටැක්සිකාරයන්ට බයේ නැවැත්තුවේ නැත්නම් ඇති

:       0       17

විජිත් Friday, 10 January 2025 05:38 PM

ලංගමට ජයවේවා !!! ප්‍රයිවට් බස් මාෆියාව පිටුපස හිටපු හොර තක්කඩි දේශපාලුවන් විසින් විනාශ කරපු ලංගම නැවතත් පණගන්වා,‘‘ ඉස්සර වගේ " විනීත, කාර්යක්ෂම, ආරක්ෂාකාරී, වැදගත්, පිරිසිදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් අපි අපේ උපරිම සහයෝගය දෙමු...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site