IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්

(යොහාන් භාසුර)

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (8) පැවසුවාය.

කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.

එහිදී එම සංගමයේ  2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව මහතා තෝරා පත්කරගත්තේය.ගෝලීය වශයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා හෙට දින බිහිවන විද්‍යාඥයින් දැනුමෙන් හා අත්දැකීම්වලින් සන්නද්ධ කරමින් විද්‍යාව සහ තාක්‍ෂණයේ ප්‍රගමනය උදෙසා එම සංගමය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බවත් ලැබූ ජයග්‍රහණය සමරන අතරම, අප හමුවේ ඇති අභියෝග හඳුනාගෙන සංවර්ධනය සඳහා වූ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

" ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන යටිතල පහසුකම් මෙන්ම තරුණ පර්යේෂකයන් සඳහා ඉඩප්‍රස්ථා හා මගපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරිය අප මුහුණ දෙන වර්තමානය ගැන කල්පනා කරද්දී, අපගේ තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව අප පිළිගත යුතු බව ද සදහන් කළාය. 



අදහස් (1)

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්

Kodi Thursday, 09 January 2025 03:18 PM

සුබපැතුම් අපේ මිත්‍ර මහාචාර්ය උදේනි නවගමුව සොයුරා ට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site