IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර බෙහෙත් හැම තැනම

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා අද (8) පැවසීය.  

ලියාපදිංචි නොකළ බෙහෙත් ජනතාව අතරට පත්වීම ඉතාමත් භායානක තත්වයක් බවත් එය වැලැක්වීමට ඖෂධ නියාමන ආධිකාරිය වාහාම කටයුතු කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ඩබ්ලිව්.ඕ.ආර්. බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් ලබාගත් බෙහෙත් වර්ග 50 ක් පමණ රටපුරා ඇති බවත් ඖෂධ සපයන ආයතන සහ ඖෂධ පිළිබඳව තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළ ද ඒවා නොලැබෙන බවත් මහවත්ත මහතා කීය.

ඖෂධ නියාමන අධිකාරියෙන් එවැනි තොරතුරු ඉල්ලා මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා තොරතුරු නොලැබුණු බව කී මහවත්ත මහතා ඖෂධ මාෆියාවට මෙවැනි රාජ්‍ය ආයතනය සේවය කරන නිලධාරීන් ද සම්බන්ධ දැයි දැඩි සැකය තොරතුරු නොලැබීම සමඟ මතුවන බව ද සඳහන් කළේය.

ජනතාවගේ ජීවිතවලට සෘජුවම බලපාන දෙයක් වන බෙහෙත් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ආයතනයකින් නොලැබීම කණගාටුදායක තත්වයක් බවත් තොරතුරු නොදෙන්නේ නම් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

හොර බෙහෙත් හැම තැනම

Priyantha Dissanayake Wednesday, 08 January 2025 11:36 PM

ඔය කියන ආයතනයේ කෙහෙලිය පරපුරේ ලොකු මහත්තයා කීවා දුටුවේ නැතිද " බාල බෙහෙත් හොරබෙහෙත් කියලා දෙයක් නැහැ කියලා" විශේෂ ප්‍රකාශයක් කළා.

:       2       7

නිහාල් Wednesday, 08 January 2025 11:48 PM

ඒ බෙහෙත් වෙතට රෝගීන් යොමු කරන්නේ රජයේ වෛද්‍යවරුම තමයි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site