IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා

(යොහාන් භාසුර)

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා  ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්වීමෙන් කළ දැවැන්ත පාඩුව පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (6) පැමිණිල්ලක් බාරදුන්නේය.

ජපානයෙන් ප්‍රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරීම උපදෙස්දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහවත්ත මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ගණක හේමචන්ද්‍ර මහතාට එල්ල වන බවත් එවැනි චෝදනා ඇති නිලධාරියෙක් එම ආයතනයේම උසස් තනතුරකට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු කරන බවත් මහවත්ත මහතා කීය.

අදාල නියමු යාත්‍රාව අලුත්වැඩියා කළ ද අනතුරෙන් පසුව මේ දක්වා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බව කියන මහවත්ත මහතා මෙය රාජ්‍ය දේපළ අවභාවිතය කිරීමේ ජාතික අපරාදයක් බව ද සඳහන් කළේය.

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත මහතා කීය.

 



අදහස් (3)

වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා

Lalla Monday, 06 January 2025 04:25 PM

මෙයත් ලොහාන් රත්වත්ත වගේ කිකිළියන්ට වැඩ පෙන්නන්න ගිහිල්ලද?

:       0       16

sisira Tuesday, 07 January 2025 12:14 PM

කාලය මාසයක් ඉක්මවුණා කියල අපේ රැදවුම් මුදල් ලක්ෂ ගණනක් වංචා කළ හොරු පිරුණු ආයතනයක් තමයි වරාය අධිකාරිය විශේෂයෙන් මුළු තැන්ගේ අංශය.

:       0       2

රුවන් Tuesday, 07 January 2025 12:23 PM

වරාය කියන්නේ තනිකරම සුදු අලියෙක්, අපේ නෑයෙකුත් ඉන්න හින්දා දන්නවා තනිකරම හොරාකෑම තියෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site