(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සාත්තු සේවයේ නියුතු 42 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
රන්බඩු සොරාගත් කාන්තාවගේ මව දැනට මාසයක පමණ කාලයක සිට සිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර රෝගියා බැලීම සඳහා සිද්ධියට මුහුණ දුන් කාන්තාව සහ ඇගේ නැගණිය පැමිණ සිට ඇත.
එම අවස්ථාවේදී රෝගීන් බැලීම සඳහා පැමිණෙන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි සැකකරු පැමිණිලිකාර කාන්තාවගේ මවගේ වාර්තා පරීක්ෂා කර මවගේ රෝගී තත්ත්වයට අනුව ඇයට රුධිරය ලබාදීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
පසුව සැකකරු විසින් මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුධිරය ලබා ගැනීමට අවශ්‍ය බව පවසා වාට්ටුවකට රැගෙන ගොස් ස්කෑන් පරීක්ෂණයක් කිරීම සඳහා රත්තරන් බඩු සියල්ලම ගලවා තබන ලෙස සැකකරු දැන්වූ බව පොලිසියය පවසයි.
පසුව එම කාන්තාව තම රත්තරන් බඩු තම නැගණියට ලබාදීමට අවශ්‍ය බව පැවසූ අවස්ථාවේදී සැකකරු විසින් ව්‍යාජ ලෙස හඬ පටයක් ඉදිරිපත් කරමින් නැගෙණිය වාට්ටුවෙන් පිට සිටින බව හඟවා ඇති බව පොලිසිය කියයි.
පසුව මෙම කාන්තාව තමාගේ රන් භාණ්ඩ එම පුද්ගලයාගේ අතට ලබා දී ඇති අතර පසුව සැකසිතී බලන විට සැකකරු එම ස්ථනයෙන් පලාගොස් ඇත.
මෙම සිද්ධිය පිළිබඳව රෝහලේ සිටින රොහල් ආරක්ෂක නිලධාරීන්ට පැවසීමෙන් පසු සැකකරුගේ තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව මරදාන පොලිසියට පැමිණිලි කර ඇත.
සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මීට ඉහතදී මෙවැනිම වංචා සිදුකර ඇති බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මධ්‍යම කොළඹ කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි මරදාන පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර ඇපලතොටුව මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි
Nimal Saturday, 04 January 2025 10:22 PM
පොළොන්නරුව ප්‍රෙද්ශයේ...!
saman Sunday, 05 January 2025 04:09 AM
ඔය මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමැති කාලේ පොළොන්නරුවෙන් පුරවපු අය තමයි.
ඉරාන් Sunday, 05 January 2025 12:16 PM
පොලොන්නරුවේ නම් ඉතින් පොළවේ උපන් කඳපණුවා සෞඛ්‍ය ඇමැති කාලේ ගෙනත් දාපු වන්ධිභට්ට, චක්ගෝල, කඳපණුවෙක් තමයි..
sam Sunday, 05 January 2025 12:33 PM
මෙයා මීට ඉස්සරත් මෙහෙම කළා නම් ඇයි තවත් සේවයේ යොදවන්නේ...?
Bunny Preena Monday, 06 January 2025 11:23 AM
සමහරක් ගැහැණු ඉන්නවා තැනක් නොතැනක් කියලා නැහැ... ගෙදර තියන රත්තරන් බඩු ඔක්කොම පැළදගෙන එනවා... ඒවා ප්‍රදර්ශනය කරන්න. හරියට ජංගම රත්තරන් බඩු විකුණන සාප්පුවක් වගේ. මේවගේ ගැහැණුන්ට මෙව්වා හොඳ පාඩම්...