
(සිතුම් චතුරංග )
වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අැතැයි වවුනියාව පොලිසිය කියයි.
මෝටරයක විදුලිය කාන්දුවීම හේතුවෙන් එහි සිටි මත්ස්‍යන් මියගොස් අැති අතර එය සුද්ධපවිත්‍ර කිරීම සඳහා අදාල පුද්ගලයා පොකුණට බැස අැති අවස්ථාවක විදුලිසැර වැදී අැති බව පොලිසිය පවසයි.
එලෙස විදුලිසැර වැදී මියගොස් අැත්තේ වවුනියාව, කල්නාට්ටකුලම් මදුරානගර් පදිංචි කලෙයිසිංහම් ශාන්තරූබන් නැමති 50 හැවිරිදි තිදරු පියෙකි.
විදුලිසැර වැදී අැති අවස්ථාවේ කෝවිලට පැමිණි පිරිස් විසින් අදාල පුද්ගලයා වවුනියාව රෝහලට රැගෙන ගොස් අැති අතර එ‍් වන විටත් ඔහු මියගොස් අැති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd