
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව යාපනය, විශේෂ කාර්ය බලකාය පවසයි.
භාවිතයට නුසුදුසු කෘමිනාශක ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීති විරෝධිව මෙරටට ගෙනැවිත් ඇති බවට යුද හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අැතැයිද සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගත් කෘමිනාශක ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමින් යුතු වනු ඇති බවද විශ්වාස කරන බවත් එවා උතුරු පළාතෙෙ කෘෂි රසායන අලෙවිසල් වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බවට අනාවරණයවූ බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂි රසායන පාලනය ඕනෑ. ඒත් සමහර ප්‍රශ්නවලට උත්තර නෑ. පොල් රතු කුරුමිණි උවදුරට කෙසෙල් කෑ ගුල්ලන්ට වගේ දේට බලධාරියා කියන දේ හරියට වැඩ නෑ. අපි වගාවක් එහෙමයි. මහාපරිමාණ සමාගම් භාවිතා කරන රසායන ද්‍රව්‍ය ගොවීන්ට නෑ. ඉතින් අඹවල පනුවෝ... ගන්න පාරිභෝගිකයා කරදරේ වැටෙනවා. තායිලන්තයේ ගන්න ඕනෑ පලතුරක් හොඳට පෑහිච්චි පණුවෝ නැතිව ගන්න පුළුවන්. ඒ තත්ත්වය ලංකාවට ගෙන ආ යුතුයි. නොපැසුණු පලතුරු වෙළඳාම තහනමට ලක්විය යුතුයි.