
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණියක සහ පුත්‍රයා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ සහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 53 , 23 සහ 21 හැවිරිදි තිදෙනෙකු බවත් පොලිසිය සදහන් කරයි.
ප්‍රධාන සැකකාර කාන්තාව පානදුර නිවසේ මෙහෙකාරිය, බවත් , එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර සිය පුත්‍රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය කීය.
නිවෙස් හිමි යුවල පිටව යන විට මෙහෙකාරිය, ඇයගේ පුත්‍රයා සහ දියණිය නිවසේ රැදී සිට ඇති අතර, නැවත ලබාගැනීම පැමිණ සොයාබලන විට අල්මාරියේ තිබූ රන් භාණ්ඩ සහ මැණික් ගල් නොතිබූ බවත් පැමිණිල්ලේ සටහන් බව පොලිසිය කීය.
සිසිටිවි පරීක්ෂා කිරීමේදී සැකකරුවන් තිදෙනා රන් භාණ්ඩ සහ මැණික් ගල් රැගෙන පලායන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු වැලිමඩ සහ වාද්දුව ප්‍රදේශයේ සැගව සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොස්මාමා ජීවත්ව සිටියා නම්, මිනිබිරියට කොස් ඇටයක තරම්වත් මොලයක් නොතිබීම පිළිබඳව කණගාටුවට පත්වන බව නොඅනුමානයි.