
(කේ. බුද්ධික කුමාරසිරි)
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසයි.
මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් ද හිමි වන බවත් විදෙස් ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස මත් ද්‍රව්‍ය අලෙවියේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිසය පවසයි.
තරුණියක් විසින් හංවැල්ල නගරයේ අයිස් මත්දුව්‍ය බෙදා හරිමින් සිටින බවට පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. රාජසිංහ මහතාට ලද තොරතුරක් මත නිළධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුගේ මත්දුව්‍ය ජාලය මොහයවන හංවැල්ල ප්‍රදේශයේ බාර පුද්ගලයා සමග ඇයගේ ඥාතියකු සමීප සම්බන්ධතාවයක් පවත්වන බැවින් එම සම්බන්ධතාවය මත මෙම සැකකාරිය අයිස් මත් ද්‍රව්‍ය ලබා ගෙන අලෙවියේ නිරතව ඇති බවත් සැකකාරිය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත් ද්‍රව්‍ය විකුණා ඇති ද යන්න වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බවද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල නගරය ආසන්නයේම පදිංචිකාරියක වන 20 හැවිරිදි තරුණියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරය උපාධිධාරීන්ගේ හීනය. විදේශගත වීම. වැඩිපුරම කාන්තාවෝ. හරිම පිළිකුල් සහගත තීරණයක්. රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලට කරන ලොකුම අපරාධයයි...
තවම වයස විස්සයි නේද? උපාධි දෙකක් තියනවා ලු
ඔයා වගේ අය ගොඩක්ම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ...