ඡන්ද පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් මාට්ටු මැතිවරණ නිති උල්ලන්ගනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි . 30 October 2024
’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’ රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2024
’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට ’’ටටා බායි’’ කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී පැවසීය. 30 October 2024
මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක් රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. 30 October 2024
තැපැල් ජන්දය සලකුණු කිරීමට හැදුනුම්පත අනිවාර්යයි පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 30 October 2024
කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම් තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි . 30 October 2024
දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. 30 October 2024
බස්නාහිර ඇතුලු පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 October 2024
කෝටි 190ක් කා දැමූ දුම්රියේ සුදු අලියෙක් විගණනය පෙන්නයි දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවින දුම්රිය සන්නිවේදන පද්ධතිය සදහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක විම හා අරමුණු ඉටුනොවිම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 30 October 2024
මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 30 October 2024
බල්ලෙකුට වෙඩි තියලා ; විශ්‍රාමික කපිතාන් අල්ලයි අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූවේ යැයි කියන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 29 October 2024
වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 29 October 2024
බංගලා නොදී කට්ටි පනින හිටපු ඇමැතින්ට හෙටින් පසු නඩු රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි. 29 October 2024
‘‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ,නමුත් වෙනසක් කරනවා‘‘ ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද කොළඹදී පැවසුවාය. 29 October 2024
අධිකරණය අලි අගල් ගැන වාර්තාවක් ඉල්ලයි අලි මිනිස් ගැටුම වළකාලකාලීමේ අරමුණින් තනා ඇති අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට ් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 29 October 2024
වීරඹුගෙදර පොලීසියේ රිවෝල්වරයක්-උණ්ඩ 5ක් අතුරුදන් වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි. 29 October 2024
මහ ඡන්දය දිනය : මැකොගෙන් නීතිපතිට වාර්තාවක් පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය, එම දිනය ප්‍රකාශ කළ ආකාරය ඇතුළුව මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇත. 29 October 2024
සබරගමු සරසවි සිසුහු පාරට බසිති ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලුව සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් පිරිසක් අද (29) දා රාත්‍රියේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේදි එක් මංතිරුවක් අවහිර කරමින් පන්දමි දල්වමින් විරෝධතාවයක නිරත වුහ. 29 October 2024
මී ගවයින් හොරෙන් ගෙන ගිය ලොරි තුනක් අල්ලයි ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් බලා හිංසාකාරී අයුරින් පැටවුන් ඇතුලු මී ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 03ක් මඩාටුගම ප්‍රදේශයේ දී අද (29) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 29 October 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ කමිටුවේ සාමාජික දැන් අනුරගේ උපදේශක රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී අද(29) පැවසීය. 29 October 2024
මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය 29 October 2024
හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත. 29 October 2024
ගුවන් නියමුවාගේ බෑගය සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද(29) පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . 29 October 2024
තරුණියක් දුම්රියේ ගැටී මරුට අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 29 October 2024
තීන්දු ගැනීමේ දී අපට විශේෂ බැඳීම් නෑ රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 October 2024
රන්ජන්ගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත අද (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදීම සිදු කළහ. 29 October 2024
සූකර උණ හේතුවෙන් ඌරු මස් විකීණීම තහනම් කරයි ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 29 October 2024
කොළඹ වරායට නව දොඹකර කට්ටලයක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නව ගැඹුරු ජල පහසුකම වෙත එහි මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කරමින් නවතම හුවමාරු දොඹකර කට්ටලයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය. 29 October 2024
අලුතින් වාහන ගන්න අයට සුභ ආරංචියක් වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා අද (29) පැවසීය. 29 October 2024
කිම් ජොන් උන් ගේ ආරක්ෂාව වැඩි කරයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මකවේ යැයි බියෙන් ඔහුට ලබාදී ඇති ආරක්ෂාව ඉහළ දමා ඇතැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය එරට පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. 29 October 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026