
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි.
"ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා" යන තේමාව යටතේ විරෝධතාව පැවැත්වූ අතර එම පක්ෂයේ සාමාජිකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගීවි සිටියහ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින්ම පෝස්ටර් ටික ඇඳගෙන ඉඳලා වගේ...!
පෙරටුගාමියෝ කියන්නේ හැමදේටම විරුද්ධ වෙන, කිසිම වැඩකට නැති අය. ගිවිසුම ඇහින් දැකලා, කියවපු අය නම් වෙන්න බැහැ.
මේ පෙරටුගාමි අයට පිස්සු. මාලිමා රජය යන්තම් රට ගොඩ ගන්න හදන වෙලාවේ ඒකට බාධා කරන එක රටේ සියලු ජනතාවම එකසේ හෙළා දකිනවා.
පෙරටුගාමීයෝ කියන්නේ රටට හෙනයක්.. හැම දේකටම උද්ඝෝෂණ කරන්න බලාගෙන ඉන්න එලොවටත්, මෙලොවටත් නැති අපතයින්?
සජිත්, ඉක්මන් කරන්න. මේ අභියෝගය ඔබටයි..
එතකොට අවුරුදු 50ක් විතර ජෙප්පෝ මොකද කළේ...? බුදියන්ද හිටියේ...?