IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

ජනාධිපති කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති නිල හමුවෙන් පසු නායකයෝ මෙම අවස්ථාවට එක් වූහ.

ඉන්දියාවේ එන්ටීපීසී (NTPC) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම හවුල්කාරීත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙන් ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරය දිගුකාලීන බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම (LTGEP) අනුව ස්ථාපිත කිරීමට නියමිත ඊසානදිග පුනර්ජනනීය බලශක්ති කලාපයේ කොටසකි. 

සාම්පූර් සූර්ය විදුලි  බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2027දී ආරම්භ කිරීමට නියමිතය. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අදියර යටතේ  මෙරට ජාතික විදුලිබල සැපයුමට එක් කරන විදුලිබල ධාරිතාව මෙගාවොට් 50ක් වේ. N-type TOPCon solar cells යන නවීනතම තාක්ෂණය සහිතව ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමත්, මෙරට බලශක්ති පද්ධතිය තවදුරටත් ෆොසිල ඉන්ධන මත යැපීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කර වීමත් අපේක්ෂා කරයි. ඒ අනුව, සාම්පූර් සූර්ය විදුලි  බලාගාර ව්‍යාපෘතිය තුළින් වායුගෝලයට වාර්ෂිකව විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ටොන් ලක්ෂ 02කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම  සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ  දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) අද මෙලෙස  විවෘත කෙරිණි.

විවිධ භෝග සඳහා ප්‍රශස්ත ගබඩා ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ගබඩාවේ කුටි හයක්  ස්ථාපිත කර ඇති අතර,  එම සෑම කුටියක්ම විවිධ දේශගුණික තත්ත්වයන් අනුකරණය කරමින් ඉදි කර තිබේ. මෙරට ඉදිකළ  මෙවන් ආකාරයේ පළමු ගබඩා සංකීර්ණය වන මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 524කි. ඉන් රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් වන අතර ශ්‍රී  ලංකා රජයෙන් මේ සඳහා  රුපියල් මිලියන 224ක් වැය කර තිබේ. 

ආගමික ස්ථාන 5000ක හෙවිලි මත  සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යනු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා  සියලුම ආගම් නියෝජනය වන පරිදි තෝරා ගත්  ආගමික ස්ථාන 5000ක් සඳහා සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියකි. ඉන්දීය රජය මේ සඳහා ඩොලර් මිලියන 17ක් ආයෝජනය කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන්හි වහල මත 5 kW ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධති 5,000ක් ස්ථාපනය කෙරේ. මෙමගින් මෙරට බලශක්ති ජාලයට මෙගාවොට් 25ක සූර්යබල ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂිතය. 



අදහස් (28)

මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි

බටලන්දේ ප්‍රේමවතී Saturday, 05 April 2025 05:12 PM

මේ ආණ්ඩුව සාම්පූර් කරපු එක හොඳට ගියා. නැත්තම් හයිවේ එකෙන් ගැහුවා වගේ ඉර එලියෙනුත් හොරකම් කරනවා.

:       122       71

Susum Saturday, 05 April 2025 06:12 PM

ඈ ප්‍රේමවතියෝ. එතකොට මේ දැන් කරන්නේ ලංකාව, ඉන්දියාවට විකුණන එකක් නොවෙයිද?...

:       67       120

තරිඳු Saturday, 05 April 2025 05:18 PM

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5000 දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීම 98% ක්ම පහුගිය ආණ්ඩුව විසින් අවසන් කරපු වැඩක්. මේක 2018 යහපාලන ආණ්ඩුව යටතේ හර්ෂ ද සිල්වා ඇමතිවරයා විසින් ආරම්භ කරපු වැඩක්. මාලිමා ආණ්ඩුවට මේ වැඩේට උප්පැන්න දෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද මේක ආරම්භ කරන්න යද්දී ජවිපෙ විරුද්ධ වුණා.

:       61       111

TironSaturday, 05 April 2025 11:51 PM

බොරු කියන්න එපා. JVP විරුද්ධ වෙච්චි තැන පෙන්නන්න.

:       24       12

කෞෂිSunday, 06 April 2025 09:57 AM

තරිඳු, ඔය ප්‍රතිශතය හොයාගත්තු මූලාශ්‍රය සත්‍ය නම් අපිට ඩබල් චෙක් කරන්න පුළුවන්නම් මම අද ඉඳලා මෙතැන කමෙන්ට් කරන එක නවත්තනවා.

:       26       18

තාරානාත්Sunday, 06 April 2025 10:58 AM

ඒක පටන්ගත්තේ හර්ෂ... ඒකට කෙලෙව්වේ ගෝඨා පාලනය... ජෙප්පෝ ඕකට විරුද්ධ වුණේ නෑ. නිකම් බොරු නොකියා ඉඳින් කොල්ලෝ...!

:       29       18

යෝගා Saturday, 05 April 2025 05:45 PM

වැඩ තුනම පහුගිය ආණ්ඩු ආරම්භ කරපු සහ වැඩ අවසන් කරපු ව්‍යාපෘති. ලැජ්ජා නැති කයිතන් ඒවා තමන් කරපු වැඩ වගේ රඟනවා. කුහකයා අඩුගානේ ඕවා අරඹපු අයට ස්තුති කරන්නේවත් නෑ. එයා හිතන්නේ මෝදිලා ඕවා දන්නේ නෑ කියලා වෙන්නැති. ලෝකෙටම විහිලුවක් වෙලා.

:       66       109

ලූට මූස්Sunday, 06 April 2025 09:06 AM

කවුරු කෙසේ වෙතත්, යෝගා ගුණරත්න නම් ලෝක විහිළුවක් වෙලා...!

:       23       18

Suneth Sunday, 06 April 2025 07:35 PM

යෝගා, වැඩ තුනම පහුගිය ආණ්ඩුවලින් නම් ඉවර කරගන්න බැරිවුනේ ඉතුරු සල්ලි හොරාකාලා හින්දා නේද.?

:       17       12

ලලනිMonday, 07 April 2025 12:28 AM

මම කිව්වෙ නැද්ද මේ යෝගා කියන එක්කෙනා මන්ද මානසිකයෙක් කියලා, ඇයි හලෝ ලෝකෙටම විහිලුවක් උනේ අර අල් ජසීරාවට ගිහිං ඇපත් නැති වෙලා පස්ස බිම ඇනගත්ත පිං ජනාධිපතියනේ…! ඒකත් පටලවගෙන.

:       2       5

ගුණරත්න Saturday, 05 April 2025 05:51 PM

ස්තුතියි මෝදි අගමැතිතුමනි. නමුත් ඔය කල්ලිය විශ්වාස කරන්න එපා, ඔවුන් අවුරුදු කීපයකට කලින් ඉන්දියානු ව්‍යාප්තවාදයක් දේශනා කරමින් අසරණ අහිංසක මිනිස්සු 60,000ක් මැරුවා. එහෙව් කල්ලියක් දැන් ඉන්දියාව පිළිගන්නවා කියන්න පුළුවන්ද?

:       73       115

ටයරසෑපුත්‍ර Sunday, 06 April 2025 08:07 PM

60000 කතාව අර මැණික් මල්ල ගෙනත් දුන්නු එක්කෙනාද? නැත්නම් කැළණි ගඟෙන් සද්දෙත් එක්ක නයා අල්ලපු එක්කෙනාද කිව්වේ...?

:       17       11

කපුරු හාමි Saturday, 05 April 2025 07:23 PM

පහුගිය ආණ්ඩු කාලේ ඔය කියන විදියට හරියටම වැඩ කෙරුවානම් රට බන්කොලොත් වෙයිද ?

:       3       5

රනේ Saturday, 05 April 2025 07:51 PM

දරිද්‍රතාව පාලනය කරන එකකුත් හයි කරන්නකො අයියො..

:       2       0

sene Saturday, 05 April 2025 09:31 PM

ඊයේ ඉදන් tin නම්බර් ගන්න බැහැ යමුකෝ ඔහොම

:       0       0

Janaka Sunday, 06 April 2025 12:05 AM

දඩාවතේ යන බල්ලන් අඩුවුණු එකත් එක්ක වැඩ හතරයි...

:       10       23

පොඩිඑකාMonday, 07 April 2025 12:33 AM

ඇයි ජනක මහතා, රට කාපු හොර හැත්ත එලවපු එක. ඒක වැඩ 1000කටත් වඩා වටිනවා…!

:       1       5

Mangala Sunday, 06 April 2025 12:06 AM

මතක අය කියන්න බලන්න සාධාරණ කොටාගේ වැඩ 3...

:       12       14

Kamal Sunday, 06 April 2025 06:09 AM

මේ ඔක්කෝටම ඩිමෙන්ෂියාව. තව හෙලුවැල්ලෙන් කඩේ යන අය ටිකක් ඉන්නවා. බද්‍රානි, කෞෂි, ෆයිරූස්, සෙනෙවිරත්න වගේ අයටත් එහෙමයි.

:       17       18

Neel Sunday, 06 April 2025 06:44 AM

සමහර වෙලාවට ඇටපිටින් ගහපුවාම ඔහොම කථා කියැවෙනවා.

:       16       1

මෝදි Sunday, 06 April 2025 08:21 AM

ඈ බං ගුණයෝ…, එතකොට මට විශ්වාස කරන්න කියන්නේ ඔබලාගේ රට බංකොලොත් කරපු අර මයිනා පවුලයි පාලම් සීයයිද?

:       13       17

ලව්සික් Sunday, 06 April 2025 08:24 AM

මෙන්න බොලේ යෝගාගේ රාජ පස්සවල් හෝදන ලොන්ඩරියට බෝම්බ ගහලා, ඩෝබිලා ටික එළියට පැනලා..!

:       7       17

Nishan Sunday, 06 April 2025 10:19 AM

හරියට දන්නේ නැත්නම් නොදා ඉන්න. මේ ඔක්කෝම වැඩ ගිය ආණ්ඩුවලින් පටන් ගත්තු වැඩ. සමහර ඒවාට මෙයාලාම විරුද්ද වුණා. මේ ආණ්ඩුව පටන් ගත්තු කිසිම අළුත් වැඩක් නෑ. කයිවාරුවයි අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන එකයි විතරයි මේ ආන්ඩුව මෙතුවක් කල් කළේ...

:       17       23

Nalin Sunday, 06 April 2025 03:06 PM

කෞෂි ඔයා කමෙන්ට් කරනවා කිව්වට වඩා ගොම දානවා කිව්වොත් නිවැරැදියි.

:       16       19

කෞෂිSunday, 06 April 2025 07:25 PM

එකම නමෙන් කමෙන්ට් කරන්න කොන්ද පණ මදිද? කරුණු නැතිව වැල්වටාරම්, ඕපාදූප කියවනකොට ඔහොම වෙනවා.

:       11       13

Gavin Sunday, 06 April 2025 03:53 PM

ලූට මූස්, කයිතන් තරම් නම් නොවේ...!

:       13       2

ලූට මූස්Sunday, 06 April 2025 04:35 PM

ලෝකයේ කව්ද විහිළුවක් වෙලා කිව්වේ? කරුණාකර දත්ත සපයන්න. යෝගා ඩබල නම් විහිලුවක් වෙලා තියෙන බව මෙහි පලවන කමෙන්ට්ස් වලින්ම පේනවා...!

:       15       16

de silva Sunday, 06 April 2025 09:53 PM

ඉන්දියාව අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන , චිනේ, පාකිස්තානේ එක්ක කොහොමත් අවුල් ලගකදී ඉඳල බන්ගලියෝ එක්කත් විරසක වෙලා , දැන් ඉන්නේ අපි පමණි , අමාරුවේ වැටුන වෙලේ අපිට හිටියේ ඉන්දියාව පමණි , දෙගොල්ලත් එකකේ ඔහොම යමු , අපේ කෛය නායක මොකක් හරි පචයක් ගහල , බැරිනම් උරචක්‍ර මාලයක් බෙල්ලේ බැඳලා වැඩේ ගානට ශේප් කරගනීවි , ලක්ෂ 12 විට්ස් රුපියල් 150 පැට්‍රොල් වැනි කතා කියල අපිව චන්දෙට කලින් ඇන්දුව් වගේ , ඔහු ලෝකේ ඉන්න පළමු පච ඔස්තාර්ල 10 ඇතුලේ ඉන්නවා , ඔහුගේ කකුලෙන් අදින්නේ නැතුව හැමෝම අත්පුඩි ගහන්න ,

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site