ජොන්ස්ටන් ඇප මත මුදා හරියි
එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(30) නියෝග කළාය.