
(අංජුල මහික වීරරත්න)
මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතින් අද (06) සිදු කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය විවෘත කිරීම සහ දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27කි.
එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව - අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය.
විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් , වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
පසුගිය රජයන් සමග කරපු සියල්ල මෙයා කරා වගේ විවුර්ත කරන්නේ. කයිය විතරයි..
කයියනායක මොනවද ට්‍රිලියන ගණන් නැතිකරගෙන කළේ...?
මෙයාට ලැජ්ජා නැහැ... මෙහෙම දේවල් වලට මේ අය කිව්වේ 70 අවුරුදු සාපෙ කියලා...!
AKD කොළ පාට කොඩිය වනන හැටි දැක්කාම මාර සතුටක්...! අනුර ජනාධිපතිවරයා කොළ කොඩිය වැනුවේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාලයේ ආරම්භ කරපු ව්‍යාප්තිය නිල වශයෙන් ජනතා අයිතියට පැවැරීම වෙනුවෙන් නේද කියා අනුරට හිතුණා ද දන්නේ නෑ...!!! පව්... අනේ... පව් !
කයියනායක තමයි නියම නම්. කෝ මෙතන උම්බෑ කියන අය? කෞෂි, භද්‍රානි සෙනෙවිරත්න, ෆයිරූස් නැද්ද?
මෝදි දීපු සිග්නල් එක නිසා කෝච්චිය යයි. ඒත් අනුර විතරක් දුන්නා නම් පීලි පනිනවා. මෝදිට ඉන්දීය ජනතාව දුන්නු සිග්නල් එකෙන් රට ඉදිරියට යනවා. ඒත් අනුරට, මාලිමාවට මිනිස්සු දීපු සිග්නල් එක නිසා රට අයාලේ යනවා. කිසිම දෙයක් කරගන්න බෑ. නොකරනවා කිව්ව හැමදේම කරනවා. IMF ගිවිසුම පතුරු ඇරලා ඡන්දේ අරගෙන අද මාලිමාව උදේ හවස IMF එකට මල් පුදනවා...!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවයට, නියම මහත්මයෙක් හැටියට, අනුර ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක් කර ගත්තා නම් එය අනුර ගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ තිබුණා ...
අම්මෝ. මේ අදහස් ලියලා තියෙන කට්ටියගේ පපුව පැහැවන හැටි ලැජ්ජා නැත්ද වරදක් නැති කෙනෙකුට නිකරුනේ දොස් කියන්න තමන්ගේ යාලුවන්ට හරියන කොටත්. මේ වගේ අය තමයි කකුලෙන් ඇදලා වෙට්ටු දාන්න බලන්නෙ. කජු පිනාට තවමත් කඩේ යනවා. මේ වගෙ උන්ට කදුලූ ගෑස් ගහන එක සාදාරනයි.
මේ වේලාවේ සමහර අයට තේරුම්ගන්න හරිම අපහසුයී. මොකද පේන්නේම වැරදියට ....
මෝදි සිග්නල් දුන්නා අනුර බෙල්ල තිබ්බා
මෝඩ චතුරි, කවුද අවුරුදු 50ක් කකුලෙන්ම ඇද්දේ කියලා මොළේ කලඳක් වගේ තියෙන වැඩිහිටියෙකුගෙන් අහලා දැනගන්න.
චතුරි ඉඳගෙන ඉන්නේ මොලේ උඩ
කජු සීයා කරේ ණයට... හැබැයි ඒක අනුර නිසා සම්පූර්ණයෙන් ආධාරයක් බවට පත් වුණු බව සීයාට ක්‍රෙඩිට් දෙන්න දඟලන අය දන්නෑ වගේ. අනුර නැත්තම් තවත් අපිට ගෙවන්න වෙන ණයක් නිකං ලැබුණේ..!