
(වසන්ත චන්ද්‍රපාල)
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගලයකු අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීම සිදු කළේ නියොජ්‍ය අමාත්‍යවරයකුගේ ඥතීන් බව පහරකෑමට ලක්වු කාන්තාව පොලිසියට පවසා ඇත.
පහර කෑමට ලක් වූ කාන්තාවට අයත් කුඹුරු ඉඩමක් නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ බිරිද ගේ පියා විසින් බලෙන් අත් පත් කර ගැනිමට උත්සහ කළ අවස්ථාවේදි ඇය උහන පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර උහන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය සාධාරණ ලෙස විසදිමට කටයුතු නොකල බව පහරකෑමට ලක්වු කාන්තාව පවසයි .
COMMENTS
නියෝජ්‍ය ඇමති වෙලා තවම මාස හයක්වත් නෑ. පරණ රෙකෝඩ් සේරම කඩයි වගේ.
මොන පක්ෂෙ වුණත් සාධාරණය ඉෂ්ට වෙනවා. ඉස්සර බලයේ ඉන්න කට්ටිය නෙවේනෙ දැන් ඉන්නේ.
මේ ප්‍රවෘත්තියෙ කොතනකවත් නියෝජ්‍ය ඇමති මේ ගැන බලපෑමක් කර තිබේදැයි සටහන්වූයේ නම් එය සම්පූර්ණ වනු ඇත. නියෝජ්‍ය ඇමතිගේ නෑයෙකු වුවද කෝලහල කිරීම සහ පොලීසිය නිසිලෙස රජකාරි ඉටු නොකිරීම රටේ සාමාන්‍ය සිදුවීම්ය, මේ රජය පොලීසි වලට බලපෑම් නොකරන බව රටේ නායකයා පවා ප්‍රකාශ කර තිබියදී පොලීසිය එවැනි බලපෑමකට යටතවූයේ නම් එය පොලියේ ගැටලුවකි, ඉහළ අංශයකට පැමිණිලි කරන්න.
පක්ෂය මොක උනත් දේශපාලුවාගේ භූමිකාව නොවෙනස්ව පවතී.
අපේ කිල්ලෝටේ හුණු නැහැමයි කියල බලය ගත්තට ඒ කිල්ලෝටෙත් අනෙක් කිල්ලෝටවල වගේම හුණු තියෙනබව පේනවා කණකොක් සුද පේන්නේ ඉගිලෙන විටලූ කියලා කියමනක් තියෙනවාලු ටික කලකට පෙර ගාර්මන්ට් ෆැක්ටරි එකක ප්‍රවාහන කටයුතු ගන්නත් මාලුමාමලා තර්ජනයක් කලානේ
වෙනස නියමය - මාලිමාව මාරයි!
සැමට නීතිය එක සේ ඉටු කරනු. කවුද මේ කියන බෑනාගේ හයිය අතට ගත් මාමා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සිදුවීමට බලපෑම් කළ බව කොහේද කියන්නේ? මේ රටේ සෑම සතියකම දේපළ නඩු සම්බන්ධයෙන් සිය ගණනක් ජනයා සටන් කරති. දැන් මාධ්‍ය NPP අමාත්‍යවරුන්ගේ මුළු පරම්පරාවම නිරීක්ෂණය කරනා බව පෙනේ...!
බයි පීපල්ස්ලාට වැලපෙන්න හොද ටොපික් එකක් ලැබුනා එහෙම නම් මේ සතියට !
සමහරක් අම්බරුවන් හිතා ඉන්නේ මාලිමාවුන් කියන්නේ බඹා ගේ අහවල් එකෙන් උපන් පාරිශුද්ධ උත්තමයෝ කියල, එත් මුනුත් තොපි වගේම සමාජයෙන් මතු වුනු වුන්. එකම වෙනස මුන් ඉස්සර ත්‍රස්තවාදී කල්ලියක්.