
(සුජිත් හේවාජුලිගේ )
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.
මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එහි සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව සෙවීමටත් ඩෙංගු පැතිරෙන ස්ථාන ඇත්දැයි සෙවීමටත් ඉදිරි දිනවල කටයුතු කෙරෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි සහ භෝජනාගාර අංශයේ සේවකයන් සියයකට ආසන්න පිරිසකට ටයිපොයිඩ් එන්නත දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම එන්නත ලබාදීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගියදා පැමිණියහ
ටයිපොයි එන්නත ලබාදෙන්නේ උණ සන්නිපාත රෝගය වැළැක්වීම සඳහාය. උණ සන්නිපාතය යනු ආසාදිත පුද්ගලයෙකුගේ මළ මූත්‍රාවලින් සහ ඔහු හසුරවන අපවිත්‍ර වූ ආහාර හෝ ජලය ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය වන රෝගයකි.
මුළුතැන් ගෙයි සහ ආපනශාලා අංශයේ එම එන්නත ජීවිත කාලයටම ලබා නොගත් සේවකයන්ද සිට එහිදී හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
COMMENTS
පාර්ලිමේන්තුවේ භෝජනගාර සේවකයින් සීයකට එන්නත් දීලා. ඕක තරු පහේ හෝටලයක්ද ඔපමණ සේවක කණ්ඩායමක් ඉන්න.....
ඉපදුන දා ඉඳල උණසන්නිපාතෙන් පෙළුණු අයනේ කලින් හිටියේ. ඒ අයට ප්‍රතිශක්තිය තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අනික හොරකම් කෙරුවේ ඒ ලෙඩේ නිසා. නමුත් දැන් එන්නත දුන්න එක හොඳයි.
මේක හෝටලයක් ද? 1980 අගබාගයේ පුපුරා ගිය පල්ඩෝරු නලයෙන් මතු උන ගෝනි ගනන් උපත් පාලන කොපු දැන් අසුවන්නේ නැතෙයි. එකල ඒවා මාධ්‍යට නොදෙන අපිට එන කල