(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය)
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
මෙලෙස මියගොස් තිබුණේ බදුල්ල මි ගහ කිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් 26 තරුණයායි
ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු විම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවය
පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාවට මානසික රෝහල වෙත යොමු කර තිබිණි
එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබිණි
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මේ යාමේ සිදුවීම සම්බන්ධව වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම විමර්ශන පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
ගුණරත්න Saturday, 05 April 2025 08:52 PM
ආයුද පෙන්වන්න ගිහින් බෝම්බ ගහන්න හැදුවා, වෙඩි තියන්න ගියා කියල මිනී මරණ පොලීසිය දැන් කියනවා ඇඟ බිත්තියේ හප්පගෙන මැරුණා කියල, මම ජීවිතේට අහල නැහැ මනුස්සයෙක් ඇඟ බිත්තියේ හප්පන් මැරෙනවා,
Ranasinghe D.K.M Sunday, 06 April 2025 05:15 PM
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් ඉතින්. අනිවාර්යෙන්ම සාධාරණය ඉෂ්ට විය යුතුයි.