
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වටිනාකම පසුගියදා පහත වැටුණු අතර ඉන් ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළට ඇමෙරිකානු ඩොලර් බිලියන 2500ක මුදලක් අහිමි කර ඇතැයි "ද ගාර්ඩියන්" පුවත්පත වාර්තා කළේය.
කොවිඩ් වසංගතයෙන් පසුව ඇමෙරිකානු කොටස් වෙළඳපොළේ සිදුවූ විශාලතම කඩා වැටීම මෙය බවද එම පුවත්පත සඳහන් කළේය. ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීයව කොටස් වෙළඳපොළවල් රාශියක්ද දෙවැනි දිනටත් පෙරේදා(03) කඩා වැටුණේය. ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය දර්ශකය පෙරේදා(03) ඒකක 1600 කින් පහත වැටුනේය.එහිදී නයික්, ඇපල් සහ ටාර්ගට් වැනි ප්‍රසිද්ධ ලොව සුපතළ සමාගම්වල කොටස් අගය සියයට 9 කින් පහත වැටුණේය.
ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(04) අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" හොඳින් ක්‍රියාත්මක වනු ඇති බවත් පහළ වැටුණු කොටස්වල අගය කාලයත් සමග ඉහළ යනු ඇති බවත්ය. එසේම ඇමෙරිකානු වෙළඳපොළ මෙන්ම ඇමෙරිකාවද කාලයත් සමග නැගී සිටිනු ඇතැයිද ට්‍රම්ප් පැවැසුවේය. ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" හේතුවෙන් බලපෑම් එල්ල වූ සමාගම් සංඛ්‍යාව 3500 කට වඩා වැඩිවිය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" ක්‍රියාත්මක කිරීම සඳහා වන විධායක නියෝගයට පසුගිය 2 වැනිදා ධවල මන්දිරයේදී අත්සන් තැබුවේය. එමගින් සියයට 10 සිට 50 දක්වා තීරු බද්දක් ඇමෙරිකාවේ මිතුරන්ට මෙන්ම හතුරන්ටද පනවනු ලැබුවේය.
COMMENTS
බද්රාණී කියලා ආර්ථීක භූ දේශපාලන මහාචාර්යවරියක් ඊයේ අදහස් පළකළා... එයා අද කෝ දන්නේ නෑ...
වැඩි කළ තීරුබදු හේතුවෙන් ඇමරිකානු අභ්‍යන්තර වෙළෙඳ පොලේ භාණ්ඩවල මිල ඉහළයාම සිදුවෙයි. එමගින් ඇමරිකානු ජනතාව පීඩාවට පත්වනු ඇත...
ඇමරිකාවේ අයට හෙට අනිද්දා රෙදිත් නැති වෙනවා. මොකද ඇමරිකාවේ ඇඳුම් වලින් බහුතරයක් බංග්ලාදේශය, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන්නේ. අන්තිමට ට්‍රම්ප්ට රිවස් තමයි. දැන් ඇමරිකාව අසල්වැසි කැනඩාවත් තරහ කරගෙන ඉන්නේ...
ඇමෙරිකාවෙ සිටින ලාංකිකයෝ සියලුම දෙනාම වගෙ චන්දය දුන්නේ ටරම්ප්ට. කමලක්ක කලු නිසා වෙන්න ඇති. මෙරටේ චන්ද පත්‍රයේ තමන් කැමති කෙනෙකුගෙ නම ලියන්න පුළුවන්. මගේ සහෝදරිය චන්දය ප්‍රකාශ කෙළේ එම ක්‍රමයටලු.