(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
එම යාත්‍රාවේ තිබී පොහොර උර 51 ක් බහා තිබු කිලෝ 700 ක බරින් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 500ක් හා හොරෙයින් මත්කුඩු අඩංගු පැකට් 178 ක් සොයා ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය දකුණුු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදාව කියයි
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
Perakum Saturday, 05 April 2025 09:57 PM
මත්ද්‍රව්‍ය තොගය කොතරම් විශාල වුණත් පලක් නෑ වාර්තාවක් පමණයි. දඩුවම ඉතා සරලයි. මෙයාල නිකං අපිව අන්දනව. වහාම දැඩි දඩුවම් දීමට නීති සංශෝධනය කළ යුතුය. වෙනත් බොහෝ රටවල මරණ දඩුවම දෙන බව අපි දනිමු. ඇයි අපට බැරි?
කව්ද බෝයි Saturday, 05 April 2025 10:19 PM
දශක කිහිපයක දේශපාලන අනුග්‍රහයෙන් පොසත්වුණු පාතාල කට්ටිය, කන්න-බොන්න නෑ කියල වැළලෙන කට්ටියට රටින් කෑම-බීම ගෙනල්ලා.
හසක Saturday, 05 April 2025 11:22 PM
ලංකාවේ කලු ආර්ථිකයේ වටිනාකම නීත්‍යානුකූල එකට වඩා වැඩියි වගේ. මේක වැඩි කොටසක් තවමත් පාලනය කරන්නේ හිටිය කට්ටියම තමයි.
Rata Perata Sunday, 06 April 2025 12:39 PM
හාමුලාගේ කැලෑවල කොච්චරමත් ද්‍රව්‍ය ලංකාවට එන්න ඇතිද කියා පේනවා නේද? දැන් අහුවෙන විදිහට. පවු අපේ රටේ අසරණ තරුණ පරම්පරාව...