
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොසලකා මේ අවස්ථාවේදී එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.
මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි බලපෑමක් ඇතිවී විරැකියාව වැඩිවීමට එය හේතුවක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය
ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින බැවින් රජයේ අපනයන ඉලක්ක අවදානමට ලක්වීමෙන් ආර්ථික ප්‍රකෘතිය තවත් දුෂ්කර වන බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
තවද, ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සාර්ථක නොවන්නේ නම්, අයවැය යෝජනා නැවත සකස් කර අපනයන ආදායම් පවත්වා ගැනීම සඳහා විකල්ප විසඳුම් සොයන ලෙසට ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
“අපි මෙම දැවැන්ත බාධකයට මුහුණ දෙන බැවින්, සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කර බලපෑමට ලක් වූ අංශවලට සහාය වීමට කාලයයි” යැයි නාමල් රාජපක්ෂ පැවසුවේය.
COMMENTS
Tsunami ෆන්ඩ් එක හොරා කෑවම දුක නැද්ද
දූෂිත පවුල් පාලනේ උන් ජනතාව රවට්ටලා බලයට ඇවිත්,අන්තිමට ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාලා මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා..සුදනා වගේ කතා කළාට වැඩක් නැහැ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිතයෝ?
අනේ දන්න දෙකුත් නැහැ. බොරුවට හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දෙන්න එන්නේ... හිතන් ඇති මහ ජනතාව මෙයයි, මයිනයි වගේ මෝඩයි කියලා කවදාවත්... ජනාධිපති වෙන්න බැහැ ලන්කාවේ. අර මිනීමරුවෙක්... කෑගහන්නේ. මගෙ බිරිඳට අත තිබ්බොත් බලාගෙනයි. නාමල්ට රට දෙන්න කියලා දන්නවනේ මෝඩයෙක්. ඕන තරම් වගේ අයට හොරාකන්න මිනීමරන්න පුළුවන් කියලා. මෙයාවත් එක්ක ළඟදීම... ඔය වගේ අය එකතු කරලා හිරේ දාන්න ඕනෑ. මේ රට මොඩයින්ගෙන් බේරාගත්තා ඉදිරියටත් එහෙමයි. ජනතාවට දුන්නු ගින්දර. දැන් ඔවුන්ට පත්තු වෙනවා.... හැමදාම නඩු.
ඒ වගේම මේ පවුල් ගහපු ගැහිලි වලට විරුද්ධව, පක්ෂ, පාට භේදයකින් තොරව රටේ සියලුම ජනතාව එකතු විය යුතුයි.
අනේ... පව්... අනේ... මෙහෙම හිත උණුවෙන කොල්ලෙක් කලින් හිටියා නම්, අපේ රටට හොඳ කාලයක් උදාවෙන්න තිබුණා. අපේ රටේ මුදල් මළු ගණන්, රටේම රඳවාගෙන රට හදන්න ගන්න තිබුණා නේද? බැසිල් බාප්පා ට්‍රම්ප් හමුවෙන්න ධවල මන්දිරයට යවා, එයා අපේ රටට පනවා තිබෙන මේ දරදඬු බදු නීතිය, ගොඨාභය බාප්පා කරා වගේ " රිවස්" කරවා ගන්න බලන්න. අපි ඔබ ලබන පාර ජනාධිපති කරන්නම්...!!!
මෙයත් දැන් දඬුලේන්නු එළවන්න අරගෙන මලවදේ...
ඔයාට ඇහුණාද ටොමියෝ…?
ආර්ථික අර්බුධයට හේතුව ඔබගේ පියා ඇතුළු මෙතුවක් කලක් රට පාලනය කරපු නඩය බව ඔබට අමතක ඇති. කෙසේ වෙතත් මෙවන් අවස්ථාවකදී රජයට සහාය පල කිරීම අගය කරන්න ඕනෑ.
ඔහොම තව ටික දවසයි උඩු බුරන්න පුළුවන්...!
මෙයා මේ දඟලන්නේ ඇමරිකාව කරපු දේට නොවේ. ඔක්කෝටම මෙයාගේ පැත්තට ගන්න හදන්නේ මෙයා හීරේ ගියාම එළියට ගන්න උප්පරවැට්ටි කරන්න. උද්ඝෝෂණ කරවන්න. හොරාකාපුවා අහුවෙයි කියලා බයේ...!
මුලුමහත් ජනතාවම ගොනාට අන්දලා බලයට ඇවිත්, ජනතාවගේ රීර්‍ර් මාංශ හූරාගෙන කාපු අය, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා.. දැනුයි දන්නේ හදවතක් තියෙනවා කියලා...?
අනේ නාමලයෝ... අන්න හොර සහතිකේ ගැන හොයනවලු... ඒක ගැන බලන්න. මේවා ගැන හොයන්න ඔයා තාම පොඩි වැඩියි.