
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙසේ විරෝධය පළ කර ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.
අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.
මේ අනුව එම පක්ෂවල විරෝධය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද ස්ථාවර නියෝග වල පැහැදිලිවමසඳහන් වන බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව හැකි ඉක්මණින් එළවමු...
159 පාවිච්චි කරලා දූෂිතයින් එලවමු. ජනමතය එයයි. එය සියල්ල අතික්‍රමණය කරයි...
මේ ගැන මෙතරම් දුරදිග කතා කරන්නේ ඇයි? කෙළින්ම නෙරපා දමන්නේ නැතිව...
අපේ රට ලොකු අර්බුදයක වැටීගෙන එන්නේ, බදු සංශෝධනයක් ගෙනාවොත් ආණ්ඩුවේ අයවැය බදු ඉලක්ක ඔක්කොම අවුල් වෙනවා, අලුතින් මුදල් මුද්‍රණය කරන්න වෙනවා, රුපියල පිරිහෙනවා, රටේ ඩොලර් ණයබර වැඩි වෙනවා, එත් ආණ්ඩුව ඒවා සම්බන්ධයෙන් නොවෙයි උනන්දුව, දේශබන්දුවෙක් පන්නන්න ප්‍රමුඛතාව දීල පාර්ලිමේන්තුව රැස්කරන්නත් අඬනවා. මොකක්ද මේ විකාරය...?
සිද්දාලේප බන්දුවා කරපු දේවල් ගැන දන්නෝ හොන්දාකාරවම දනිති .වැරදි කළා නම් ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබෙයි
දැන් පේනවා නේද .. දේශබන්දු ට බොරුව ට බැන බැන ආරක්ෂා කරපු සෙට් එක..
අපරාදයේ සහ දඬුවමේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කතා දෙකක් බෑ.
ඇත්ත. කතානායකට බලය තියෙනවා. විපක්ෂය ඒක දන්නේ නැද්ද? තාමත් හොරු රකින්න හදනවා වගෙයි..!
මේ වෙලාවේ මුළු රටම දන්නවා දේශපන්දු කියන්නේ රටේ ද්‍රෝහියෙක්, ඔහුව ආරක්ෂා කරන්න කවුරු හරි එනවා නම් ද්‍රෝහියෙක් වෙන බව මුළු රටම දැනගන්නට ඕන එනිසා අපේ මුදල් නාස්ති නොකර වහාම දෝශාභියෝගයක් ගෙනල්ලා දේශපන්දුව අයිතිවාසිකම්ශ් විශ්‍රාම වැටුප් ආදිය අහෝසි කළ යුතු බවත් කිව යුතුයි එහෙම නොකළොතින් 159 තියාගෙන එය ආණ්ඩුවටත් අබසරණං
159 ක් තියාගෙන බබා හුකුං පාට් දාලා පසුවට කෙඳිරි ගාන්න නං එපා. අනික මේ රජය පත්කළේ අපිමයි, ගෙදර යවන්නේ ද අපිමයි.