(මනෝප්‍රිය ගුණසේකර)
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා පත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් ලක්ෂ 05 බැඟින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අද (04) නියෝග කළේය.
2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ට මෙලෙස ඇප නියම කෙරිණී.
2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.
අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ස`ඳහා නඩුව මැයි 30 වැනිදා කැඳවීමට නියම කළේය.
COMMENTS
බොහෝමයක් අය අඩුම තරමින් වයසට යනකොට හෝ තම තමන් අදහන ආගමකට අනුව පින්දහම් කරමින් යන තැනකට සෙත සලසා ගන්න උත්සාහ කරනවා. ඒත් මේ පවුලට සම්බන්ධ සෑම කෙනෙක්ම පාහේ කරන්නේම හොරකම්... හොරකම් කරපු ධනය, වස්තුව එලොවට ගෙනියන්න වෙන්න ඇති...!
"කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ..." ලෝවැඩ සඟරාවේ තිබ්බේ. අදටත් ඔට්ටුයි හරිය.
මේ පවුලටයි, අනිත් ඔක්කෝලටමයි හොරකම ඉතාමත් පහසුවෙලා තියෙන්නේ, ඒ ගොල්ලෝ මොන හොරකම කරත්, ඒවාට ආවඩන කට්ටියක් අපි අතරේම ඉන්නා නිසා...!
අනේ මේ දෙන්නා දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ දේපළවලට ඇයි මෙහෙම කුහකකම් කරන්නේ? කැතයි හොඳේ..
ගරු ස්වාමීනී, පුළුවන් තරම් ඉක්මණට පොඩි මහජනයාට යුක්තිය ඉටු කරන්න. වැඩිකල් ගන්න එපා...