
(අංජුල මහික වීරරත්න)
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට (5) පෙරවරු 9ට මහත් අභිමානවත් අයුරින් පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (4) රාත්‍රියේ කටුනායක ගුවන්තොටින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්" යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දු ලංකා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙයි.
නරේන්ද්‍ර මෝදි මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට සහ ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබේ.
COMMENTS
අද දිවයිනට ඇවිල්ලා ඉන්නවානම් අද රෑ එන්න ඉන්නේ කවුද මචන්
විජේවීර මිනීමරුවා අපායේ කැපිච්ච පණුවා වගේ දඟලනවා ඇති පක්‍ෂය දැන් ඉන්දියා අගමැති පිළිගන්න සැරසෙන එකට...!
දැන් ඉතින් හිනා වෙනයි..., ඔළුව වෙනයි, හැබැයි කතාව නැහැ. මෝදි ගියා විතරයි. ඔන්න පටන් ගනියි ආයෙත් මයික් පලන්න.
චීත්තය නම් හරි මදි. කමිසයේ බොත්තම් ටික දාගන්න. බයයි තමයි මොනවා කරන්නද? ඔයා දැන් ලොක්කනේ..!
පිළිගන්න වඩිග පටුන නටන්න වෙනවා මේ පාරත්...
පාරවල් වහනකොට බස්වල පැය ගණන් දහඩිය පෙරා ගෙන රස්තියාදු වන්නේ රටේ අහිංසක පුරවැසියෝ කියලත් ටිකක් හිතුවොත් හොඳයි