‘ආර්ථික- දේශපාලන ක්‍රමය බිඳ වැටුනේ ඡන්ද පොරොන්දු නිසා‘ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 August 2024
රිය අනතුරින් දහම්පාසල් යමින් සිටි දරුවා රෝහලේ ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේ දී කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි දහම් පාසල් දරුවෙකුගේ ගැටී ලොතරැයි අලෙවි කූඩුවකද ගැටීමෙන් අද (04) උදෑසන සිදුවූ අනතුරින් දහම් පාසල් දරුවා සහ තවත් අයකු රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසයි. 04 August 2024
කදුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. 04 August 2024
කුවෙට් සංගීතයේදී අත්අඩංගුවට ගත් ලාංකික පිරිසට නිදහස කුවේට් පොලිසිය විසින් ’’ශ්‍රී ලංකන් සමර් නයිට්ස්’’ සංගීත ප්රසංගයේදී පසුගිය 2 වැනිදා අත් අඩංගුවට ගනු ලැබූ ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කරගැනීමට හැකිවූ බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. 04 August 2024
පොලිස් සැරයන් අල්ලස් දැලේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙක් වැලිසරදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 04 August 2024
ඝාතන තැත වරදී සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අද (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. 04 August 2024
දියේ ගිලී තරුණයෙක් මරුට ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 04 August 2024
බස් බස් ගැටී 22ක් රෝහලේ පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී මහඔය අරලගංවිල මාර්ගයේ එම් ජී කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ලගයින් 22 ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 04 August 2024
අලියාගේ පහරින් පස්දරු පියා මරුට වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. 04 August 2024
බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක් බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත. 04 August 2024
තැනින් තැනට අද තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 August 2024
අම්පාරේ ඝාතන වැලක්? අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි. 04 August 2024
කුවෙට් සංගීතයකදී ලාංකික පිරිසක් අත්අඩංගුවට කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 03 August 2024
රැකියා කෝටාවට විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ රජය ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත. 03 August 2024
රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල් රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරයි. 03 August 2024
පොහොට්ටුවේ දිස්ත්‍රික් සංවිධායකවරු 4 ක් වෙනස් වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය. 03 August 2024
’ඉස්මයිල් ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්’ හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් අද(08) ප්‍රකාශ කළේය. 03 August 2024
බලංගොඩ ඝාතනයට සම්බන්ධ ලොරිය මාවවෙලින් හමුවෙයි බලන්ගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් අනතුරට ලක් කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත් කිරිම සිදුකල බව කියන ලොරි රථය බලන්ගොඩ මාවවෙල ප්‍රදේශයේ සගවා තිබියදිි අද (03) දා සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 03 August 2024
පොඩි හාමුදුරුවන්ට ගෞරව දක්වන්න ගංගාරාමයට මහ සෙනඟක් බුදු සසුන සෝබමාන කළ සියලු දනන්ගේ මහත් භක්තිය ආදරයට ලක් වූ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වන කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට පෙරවරුවේ සිට පැමිණෙමින් තිබේ. 03 August 2024
රනිල් ළඟට ගිය මන්ත්‍රීන්ට සාගර ගෙන් ලිපියක් පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත. 03 August 2024
හමාස් නායක නිවසේ බෝම්බ ඇටවූවාට 24 ක් අත්අඩංගුවට ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 03 August 2024
ජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ පනස් දාහක් මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. 03 August 2024
මැදපෙරදිග යුද උණුසුම වැඩි වේ හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධානවලින් සහ ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට තීරණය කළ බව පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 03 August 2024
සියලු මාධ්‍ය ප්‍රධානීන් සඳුදා මැතිවරණ කොමිසමට සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත 03 August 2024
‘‘ලයිඩා‘‘ තාක්ෂණයෙන් පරාක්‍රමබාහු මාලිගයේ තොරතුරු පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය. 03 August 2024
රුවන්ගෙන් සජබෙට යෝජනාවක් සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී පැවසීය. 03 August 2024
පැලවත්ත අනතුරකින් සිසුවෙක් මරුට:තුනකට තුවාල පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 August 2024
අ’පුර මල්වතු ඔයෙන් මළ සිරුරක් හමුවෙයි අනුරාධපුර මල්වතු ඔයේ අලුත් පාලම අසල තිබූ නාදුනනා අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අද (03) පරීක්ෂණ ආරම්භ කළේය. 03 August 2024
හොර මැර කළොත් ඡන්ද පොළට ’’ සීල්’’ ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 03 August 2024
බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති බහුජන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළේය . 03 August 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025