(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් රුපියල් 27,031,024.15 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරණ සහකාර (ගිණුම්) , ඔහුගේ බිරිඳ සහ සහෝදරිය 11 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකරණ සහකාර (, ගිණුම්) ලෙස රැකියාව කළ කැලණිය , ගල් බොරැල්ල , බෝධිරුකාරාම පාර පදිංචි ආර්. ඒ. පි. නිරෝෂණ (35) ,සැකකරුගේ බිරිඳ වන එම ලිපිනයේම පදිංචි ඩි. එම් .ටි නිලෝධි (32) හා සැකකරුගේ බාල සහෝදරිය වන එම ලිපිනයේම පදිංචි ආර්. ඒ .එස් චතුරිකා (25) යන අයවලුන්ය.
සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් වංචාවට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.
මුදල් වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ඉකුත් මාර්තු මස 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මාස තුනක පමණ කාලයක් තුළදී චෙක් පත් මගින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආයුර්වේදයේ මුදල් වංචා කළ එකම පවුලේ තුනක් රිමාන්ඩ්