IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස්

(අංජුල මහික වීරරත්න)

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගොස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගනු ලබයි.

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් 2025 වසර සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් මිල දී ගැනීම නිර්දේශ කර තිබේ. එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇත.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් එකී ස්ථාවර මිල යටතේ වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් මිලදී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස්

ගුණරත්න Wednesday, 02 April 2025 06:43 PM

කොහෙන් ගත්තාත් කමක් නැහැ ප්‍රමිතිය බලන්න, අඩු මිලට පිළිකනුවල හදන බෙහෙත් උපකරණ පාවිච්චි කරලා නැති ලෙඩක් හදාගන්න අපට බැහැ.

:       1       9

රුවන් Thursday, 03 April 2025 06:11 AM

ගිය ආණ්ඩුවේ දේශපාලන ඥාතියෙක් ගෙනාවා ගොස් ඉන්දීයාවේ ඉදන්, කිසිම වැඩක් නෑ තිනිකරම වංචාවක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site