
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමටත් තීරණය කර ඇත.
මෙම නව බදු අනිද්දා සිට ක්‍රියාත්මක වෙයි. එම නව බදු අනුව, ඇමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10 ක අවම තීරු බදු ක්‍රියාත්මක වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකාවට අමතරව, වියට්නාමයට 46% ක තීරු බද්දකුත්, චීනයට 34% කත්, ඉන්දියාවට 26% කත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. යුරෝපා සංගමයට 20% කත්, තායිවානයට 32% කත්, ජපානයට 24% කත්, දකුණු කොරියාවට 25% කත්, තීරු බදු ක්‍රියාත්මක වෙයි.
තායිලන්තයට 36% ක්, ස්ව්ට්ටර්ලන්තයට 31 % ක් සහ බ්‍රිතාන්‍ය, බ්‍රසීලය, සිංගප්පූරුව, චිලි රාජ්‍යය, ඔස්ට්‍රේලියාව, තුර්කිය සහ කොළොම්බියාවට 10% ක් බැගින් ද තීරු බදු පනවා ඇත.
බංග්ලාදේශයට 37 % ක් සහ පාකිස්ථානයට 29 % ක් ලෙස තීරු බදු පැනවීමට ද ට්‍රම්ප් තීරණය කර ඇත. පිලිපීනයට 17 % ක් බදු පනවා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව මත යැපෙමින් රුසියාවට ආවැඩූ ලංකාවේ අමනයින්ට හොඳ වැඩේ...හැමදාම "ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන" ජාතියකට මෙහෙම වෙන්නම ඕනා...මම කියන්නනේ, ඇමරිකාවෙන්, යුරෝපයෙන් පමණක් නොවෙයි මැදපෙරදිගින් පවා ලංකාවට ප්‍රතිලාභ ලැබෙනවා... රුසියාවෙන් අපට එහෙම ප්‍රතිලාභයක් ලැබෙනවද..? ලෝකෙට විකුණගන්න බැරි, "ඇස්බැස්ටෝස්" නම් අඩුවට දෙනවා ඇති ලංකාවට..
ඇමරිකානු තානාපතිනි ජූලී නෝනාගේ සියලු තනුවලට අනුකුලව ගායනා කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ යුව රාජෝත්තමිය ලෙස සලකමින් ඇය වෙනුවෙන් අනුර ප්‍රමුඛ මාලිමාවන් සියලු බැල මෙහෙවරකම් කර තිබියදීත්, සමාජවාදය බල්ලාට දමා ධනවාදය මුල සිට අගටම වැළඳ ගෙන තිබිය දීත්, "ඇමරිකානු අධිරාජ්‍යවාදය" යන ස්ලෝගනය සම්පුර්ණ අමතක කර දමා ඇති වාතාවරණයක් තුළදීත් ට්‍රම්ප් මහතා මෙවන් දෙයක් අපට කළේ කිමද? අප ඊට එරෙහි වෙමු.
සියලුම රටවල්වලට බදු පනවා ඇති බැවින් ලංකාවට අවාසියක් සිදු වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි
අනුර නම් ඉතින් "හරි හැප්පිල බලමු" කියලා ඇඳ යට රිංගයි. වැඩේ ගොඩ දාගන්න නම් හඳුන්නෙත්තිටයි, සමන්ත විද්‍යාරත්නටයි බාරදෙන්න. සුපිරි බුලට්.
ඇඳුම් මහන අය එහේ යවමු.
අපේ යාලු මිත්‍ර රටවල් කියන රටවල් එක්ක බැලුවම වෙළඳ ශේෂය අපට පාඩුයි, අහිතකරයි, එත් උන් අපේ යාළුවෝ. එත් අපිට වින කටින්න බලන් ඉන්න ඇමරිකාව යුරෝපය එක්ක වෙළෙඳ ශේෂය අපට වාසියි, උන්ගෙන් බඩු ගන්නවට වැඩිය අපි උන්ට බඩු විකුණනවා. මෙතුවක් කල් ඒ රටවල් කට වහන් හිටියා. දැන් ජනාධිපති ට්‍රම්ප් මහතා ඒ වැරැද්ද නිවැරදි කරන්නන කටයුතු කරලා තියෙනවා. අපේ සැබෑ මිතුරන් වෙන්නේ අපෙන් බඩු ගන්න රටවල් මිසක් අපට බඩු විකුණලා අපෙන් තේ කොළ පැකට් එකකවත් නොගන්න උන් නෙවෙයි.
ඕව නම් මොනවද අනේ. අපි එයාලගේ වාහනවලට 300% ක් බදු ගහන්නෙ. අපි ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නේ.
ට්‍රම්ප් ලොක්කා ඕවා කෙරුවට අපේ අන්‍ර අය්යා සැලෙන්නේ නෑ. අමෙරිකාවෙන් මෙහාට ආනයනය කරන ඒවාට 50% ක බද්දක් ගහයි ඕං
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 44% රේගු බදු අසාධාරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානි කරයි. මෙය ඇපරල් වැනි ප්‍රධාන කර්මාන්ත වලට බලපාන අතර, ඇමරිකාවට අපනයනය කිරීම වියදම් වැඩි කරයි. මෙය රැකියා අහිමි වීම සහ මුදල් අර්බුද ඇති වීමේ අවදානමක් ඇති කරයි. එමෙන්ම, උසස් බදු ප්‍රමාණය වෙළඳ සබඳතා අවහිර කරමින්, ශ්‍රී ලංකාවේ තරගකාරීත්වයට බාධා පසුණුවයි.. මේ වැනි අධික බදු ආර්ථික අස්ථායීතාවයක් ඇති කරන අතර සහ සාධාරණ වෙළඳ ප්‍රතිපත්තිවලට ප්‍රතිවිරුද්ධ වේ.
"මැක්ස්", හැමදේම දේශපාලන කෝණයෙන් බලා, පක්ෂ දේශපාලනයෙන් ඔලු ගෙඩිය ඔද්දල් කරගත්තු විපරීත මනුස්සයෙක් කියලයි මට නම් හිතෙන්නේ... ඇමරිකානු ආනයන වලට ලංකාව සියයට 88ක බද්දක් අය කරනබව ඔබ දන්නවද..? සියලුම වාසි අපට පමණක් ලැබිය යුතුයි කියන මානසික මට්ටමනේ ලංකාවේ ගෝත්‍රික මිනිස්සුන්ට තියෙන්නේ.. අනික මේක ලංකාව පමණක් ඉලක්ක කරගෙන කල ක්‍රියාවකුත් නෙවෙයිනේ.. සියලු ආනයන මත අසීමිත බදු ගසා ආර්ථිකයක් නිර්මාණය කර ඇති ලංකාව වැනි රටකට ලෝකයේ අනෙක් රටවල් මෙහෙම වත් සාධාරණයක් කොට තිබීම අගය කල යුතුයි..භාණ්ඩයක් නිෂ්පාදනයටත් යන වියදමටත් වඩා රටක් එම භාණ්ඩය මත බද්දක් පැනවීම සාධාරණද..?
හරි නේද, දැන් දේශප්‍රේමි අමාරුව මහන්තත්තකම සනීපද අනුර මල්ලි?
ට්‍රම්ප් දන්නවා ලංකාවේ බත් කන මී හරක් ඉන්න බව
මේ පිස්සා මුලු ලෝකයටම කෙලවලා තමයි නතර වෙන්නේ
අර ෆයිල් 400 ඇතුලෙන් ට්‍රම්ප්ගේ ෆයිල් එක ඇදලා ගනී . බලාගෙන වැරදි කෙනෙකු එක්ක හැප්පෙන්නේ ට්‍රම්ප්.
තබුත්තේගම පච මුලා ඕපා දූප කියකියා හතරදිබ්බාගේ ඇවිද ඇවිද හිටියා. දන්නෙම නැතුව රටට වැඩේ උනා.
චීනුන්ට කඩේ යන ගමන් ඇමරිකාවට කෙනෙහිලිකම් කරමින් ඇමරිකාවෙන් ආර්ථික වාසිත් වෙනත් පුද්ගලික වාසිත් විතරක් බලාපොරොත්තුවෙන් අගේ ඉදන් කණ කන රටවල උන්ට තමයි මේ හරහා ඇමරිකාව සලකලා තියෙන්නේ.
අනුන්ගේ දේවල් හොය හොය හිටියා ඇති දැන් සැපද අනුර