IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි

( සුමිත් පොතුපිටිය )

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ  පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  දොඩංගොඩ අක්කර 33 ප්‍රදේශයේ සහ සහ කළුතර කෝන්ගොඩ  ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් ඉකුත් 29 රාත්‍රී කළුතර ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබූ අතර, එහිදී  කාන්තාවක් තුවාල ලබා එම නිවසට රූපවාහිනි නැරඹීම සදහා පැමිණ සිටී සෙනාල් සංධීප නැමැති පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබුණි.

සැකකරුවන් ප්‍රහාරය සදහා  භාවිතා කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක්, සැදීමට භාවිතා කළ දෑ සහ ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන තිබේ.

කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5, 000 ක මුදලක් බවටද සිදුකළ වැඩිදුර විමර්ශන වලදී හෙලිව ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.



අදහස් (5)

පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි

බටලන්දේ ප්‍රේමවතී Wednesday, 02 April 2025 08:06 PM

කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද කියලත් හොයන්න.

:       0       34

ගුණරත්න Thursday, 03 April 2025 06:53 AM

උන් එල්ලා මරන්න ඕන

:       2       3

SL Thursday, 03 April 2025 07:55 AM

ඉස්සරවෙලා ම මේවා ට නායකත්වය දෙන තිරිසන් පාතාල නායකයින් ටික ඉවර කරන්න ඕනේ. මේ මාස දෙක ට දරුවන් kee දෙනෙක් මරල දැම්මා ද මේ රට මිනිස්සුන්ට වසන්න පුළුවන් රටක් නෙවෙයි දැන්

:       0       2

prasanna Thursday, 03 April 2025 12:30 PM

මාලිමාවෙන් ගම බේරාගන්න චන්දය භාවිතා කරන්න.

:       4       3

Perera Friday, 04 April 2025 04:19 AM

ඕකුන් පොහොට්ටුවට සම්බන්ධ නැත්නම් තමයි පුදුමේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site