
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මේ අතර එම ස්ථාන හතරෙහි කළමනාකරුවන් ද සිටින බව පොලිසිය කියයි.
කොට්ටාව පොලිසියට ලද තොරතුරක් අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් කොට්ටාව , මහල්වරාව , මාලඹේ පාර , රුක්මලේ පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් මෙසේ වටලා තිබුණි.
එහිදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දහසය දෙනකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල, මාතර ,බෙලිඅත්ත ,වලස්මුල්ල, අනුරාධපුර, රත්නපුර ,ඇඹිලිපිටිය ,කෑගල්ල ගම්පහ ,කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වයස අවුරුදු 18 - 46 අතර වයසේ පසුවන පිරිසක් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොකෝ, මාලිමාවේ ලොක්කියක් ඡන්ද ප්‍රචාරණ කාලේ කිව්වා නේ අප ඕක නීතිගත කරනවා කියල, දැන් මොකෝ අංශක 180 කැරකිලා.
අවුරදු 48 ගනිකාවොත් ඉන්නවාද අප්පා….
ඒව නම් ඉතින් ස්වයං රැකියානේ. ව්‍යාප්තිය වළක්වන්න හොඳයි මෙවැනි වැටලීම්. පොඩි දඩයන්නෙ.
ආණ්ඩුව කිසිත් නොකරන බවට මැසිවිලි නගන විපක්ෂට දැන් ඉතින් කටඋත්තර නොමැති වනු ඇත. රටේ සාරධර්ම ආරක්ෂා කර ගැනීමට මෙලෙස උනන්දුවෙන් කටයුතු කළ රජයක් ඉතිහාසයේ තිබුනේ නැත. රජය වෙනුවෙන් පෙනී සිටින ලයික් පිරිසට ද මෙය සුබ පුවතකි.
තලවතුගොඩ මාදිවෙල පැත්තට ආවානම් මේවා ඕනෑ තරම් තියෙනවා කවදාවත් වටලන්නේ නැහැ දිගුකාලීනව යහතින් පවත්වාගෙන යනවා ලොකු ලොක්කන් වෙන්න ඇති මේවා පවත්වාගෙන යන්නේ එන්නේත් ඒ වගේ අය රජයේ වාහනත් එනවා
මෙහෙම ගියොත් බඩුම තමයි .පොලිසිය තමයි මුන්ව නලවන්නේ .4ක් ඇතුලේ . 20 ක් වත් ඉන්න ඇති .මෙයලාව නෙමෙයි අල්ලන්න ඕනේ මේවායේ අයිතිකාරයන්ව