
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුදන් ද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හැමදේකටම උපදෙස් දෙන රනිල් ගෙන් ඇහුවොත් නරකද මොකද කරන්නේ කියල ? නැත්නං මාසෙකට විතර පස්සේ ඇවිත් අහයි ඇයි මේවට මුකුත් කරේ නැත්තේ කියල
ලොක්කා ඇමෙරිකාවේ තානාපති පස්සෙන් ගිහින් ඉල්ලන් කෑවා ?
බලමු අපේ එක්ස්පර්ට්ල මොනවද කියන්නේ කියල .
මදෑ බුකින් ඩොට් කොම් එකට බදු ගහන්න ගියා..
අමිල බුකින් ඩොට් කොම් එකට බදු ගැසීම සහ ට්‍රම්ප් සිධිය අතර කිසිම සම්බන්ධයක් නැහැ , නමුත් ආණ්ඩුව booking.com එකට බදු ගහන්න ගියොත් ඔවුන් කෙලින්ම ලංකාව සමග වැඩ කරන එක නතර කරවී , එහෙම කලොත් අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය 50% පහල වැටේවි , ලංකාවේ ටුවරිස්ට් බෝර්ඩ් එකට ඔවුන්ට වගේ ලෝකේ පුර විහිදුන ප්‍රචාරක ජාලයක් නැහැ , එහෙම කලොත් එක හරියට ගොටගේ රසායනික පොහොර තහනම වගේ වේවි , මේ වෙනකම් සංචාරක වියපාරේ කරගෙන ගියේ පුද්ගලික අංශය , ටුවරිස්ට් බෝර්ඩ් එක කරපු මගුලක් නැහැ , පුද්ගලික අංශයට කරගෙන යන ආකාරයටම කරගෙන යන්න හරින්න , ලංකාවේ ටුවර්සම් වලට ආණ්ඩුව අත දමලා ඒක විනාශ වුනොත් අපි සියලුදෙනාටම බඩගින්නේ ඉන්න වෙනවා ,
අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වාහන උන් තමා දැන් ආණ්ඩුවේ ඉන්නේ. ඇමරිකාව තමන්ගේ ප්‍රතිපත්තිය ගැන කල්තියාම කිව්වා, එත් අපේ සිංහල විතරක් ලාවට දන්නා වාචාල නිකම්මු කාලේ කාදමමින් හිටියා මිසක් සාකච්ඡාවක් වත් පවත්වල අපේ වාසියට වැඩ කරගන්න හිතුවේ නැහැ.
කැමති වුවත් නැතත්, ඇමරිකා එක්සත් ජනපදය අපගේ විශාලතම අපනයන වෙළඳපොළයි. ඇමරිකානු රජයට අත්‍යවශ්‍ය නොවන අය සඳහා පැකේජ සහ වැටුප් ඉවත් කිරීමට DOGE නිර්දේශ කළේය. USAID අතහැර දමා, WHO වෙත ආධාර ලබා දීම සහ තවත් බොහෝ දේ. ට්‍රම්ප් ප්‍රායෝගික ජනාධිපතිවරයෙක් වන අතර, අපගේ නිෂ්ඵල කතා කරන නායකයින් ගැලරියට සෙල්ලම් කරන ආකාරයට වඩා වෙනස් ය. ඔබට EU හෝ මැද පෙරදිග වෙනත් තැනක නිමි භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට සිදු නොවන්නේ නම්, විරැකියාවේ රැල්ලක් අපේ රටට පහර දෙනු ඇත. අනුර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉගෙන ගත යුතුය, එසේ නොමැතිනම් අපි කිසිදා නොවූ විරූ ලෙස දුක් විඳිනු ඇත.
අනුර කුමාර මහත්තයෝ, දැන් ඉතින් මෙතන බොරුවට කමිටු පත්කරලා තියන තුට්ටු දෙකත්, කාට හෝ පුජා කර ගන්න වෙලාවේ, කල යුතුව තිබුනේ, ට්‍රම්ප් දිගට හරහට බදු වැඩිකිරීමට සැරසෙන විට, අපි ඊට කලින්, ඇමරිකානු ආනයන මත අය කරන බදු අඩු කළා නම්, ට්‍රම්ප් මහතාගේ කරුණාව හිමිකරගන්නා තිබුනා...අපිට කොහෙද ඉතින් එහෙම, දුරදිග හිතා වැඩකරන, දුරදක්නා නායකයෝ..? අනික ඉතින් අපිට නිදහස් වෙළඳ ගිවිසුම් ඇලජික්නේ...අනික ඉතින් එහෙම නම්‍යශීලී ප්‍රතිපත්ති අපට නැහැනේ ලෝකෙටම ලොක්කෝ, කෙරුමෝ අපි තමයි කියල හිතාගෙනනේ අපි වැඩ කරන්නේ..
ජාත්‍යන්තරය කළමනාකරණ කරන එක වේදිකා වල මයික් පලන තරම් ලේසි නෑ කියලා දැන්වත් මේ රටේ හැට අට ලක්ෂෙ චන්දදාසල දැනගන්න ඕන. ඉංග්‍රීසි භාෂාව ඕන නෑ රට හදන්න කියපු අයටත් මේවා තේරුම් ගන්න දැන්වත් පූළුවන් ද? මේ තමයි පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික නොහැකියාව. යුද්ධය තිබුණ කාලෙවත් මෙහෙම ඇමරිකාව බදු පනවලා ආර්ථික ප්‍රහාර එල්ල කළේ නෑ. බොරු කියන්න කයිවාරු ගහන්න විතරක් පුළුවන් අය බකන්නිලාගෙන ඉන්නවා හැර මොනවා කරන්නද?
ඇමතිවරුන් හැමදාම ගිහින් තානාපතිනිය සමග මොනවද සාකච්ඡා කලේ?
මේකාට මේවා තේරෙන්නේ නෑ... හැබැයි ගොන්නුන්ට කතා කරන්න දන්නවා
ගෝටා අනාගත්තටත් කලින්ම මෙයත් අනාගන්න හැඩයි. වලටම පෙරලිලා තිබුණු බස් එක යස අගේට කජු සීයා ගොඩගනිමින් තිබුන. කොහෙද එක මිටට කෙලව ගන්න අපේ අයටත් පුදුම අමාරුවක්නේ තිබුනේ. දැන් ඉතින් සීයා පස්සෙනුත් හිනාවෙනවා ඇති . දිර්ඝකාලින සැලැස්මක් යටතේ රට ගෙනියන්න හදපු හැම වෙලාවේදීම ඒක කණපිට ගහන්න පුදුම අමාරුවක් තමයි අපේ උන්ට තිබුනේ .
පචමල්ල කරේ තියාගෙන හතරදිබ්බාගේ ඕපාදූප කිය කියා රවුම් ගැහුවා. දන්නෙම නැතුව ඕන දේවල් මඟහැරුනා.
භාද්‍රනිගේ අදහස අනුමත කරන අතර රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න නම් භාණ්ඩ සහ සේවා , ඉදිකිරීමේ කර්මාන්තය සහ අනෙක් කර්මාන්ත වලට අමුද්‍රව්‍ය වලට ගහන බද්ද අඩුකලයුතු බවත් , රටවල් අතර නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කල යුතු බවත් සදහන් කරමි ,
booking.com එක ක්‍රියාත්මක වන්නේ ඕලන්දේ හෝ සිගපුරුවේ සිට අන්තර්ජාලය හරහා , ඔවුන්ට මම දන්නා තරමින් ලංකාවේ කාර්යාලයක්වත් නැහැ ඔය වගේ දෙයකට බදු ගහන්න ලංකාවට පුලුවන්ද ? කෙටියෙන් කියනව නම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වෙන youtube එකට හෝ googel සමාගමට හෝ චැට්GPT එකට බදු ගහන්නේ කොහොමද ? ඒවා බ්ලොක් කලොත් අපේ ආර්ථිකයට වෙන පාඩුව කුමක්ද කියල දන්නා කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුලුවන්ද ?
ට්‍රම්ප්ගේ බදු ගැන සොයන්න ඉස්සෙල්ල අපේ රටේ බදු සාධාරණ ද කියල සොයලා බලන්න කමිටුවක් පත් කරන්න. සමහර රටවල ගහන්නේ ඍජු බදු , සමහර රටවල වක්‍ර බදු , අපේ රටේ ඍජු බදු වක්‍ර බදු යන දෙකම ගහනවා . එක නිසා තමා ලංකාවේ ජිවන වියදම ඉහල ගිහින් තිබෙන්නේ , සහල් කිලෝ එකට ගහන 50% බද්දෙන් පටන්ගත්තම වාහන වලට ගහන 200%-400% අතර බද්ද දක්වා සෑම භාණ්ඩයකටම නොසහෙන බද්දක් ගහනවා , මේ බදු සල්ලි වලින් කරන්නේ අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් වැඩිපුර සිටින අකාර්යක්ෂම රජයේ සේවකයෝ නඩත්තුව , වසරකට රුපියල් කොටි 20,000 - 30,000 විනාශ කරන ශ්‍රී ලන්කන් වැනි රජයේ ව්‍යාපාර නඩත්තුව , දිනකට කිසිම ගුවන්යානයක් නොඑන මත්තල ගුවන් තොටුපල වැනි ව්‍යාපෘති නඩත්තු කිරීම වැනි නිෂ්පල දේවල් , රජයේ රෝහල් වල බෙහෙත් නැහැ නමුත් අපි ෆාමසියෙන් ගන්න බෙහෙත් කරලටත් බදු , කරුණාකර මේ තීරු බදු අඩු කරන්න , මිනිස්සු හැමදාම මේ විකාර අනුමත කරන එකක් නැහැ
කෝ දැන් ජුලි චන්ග් ? තව ලොකු පාටියක් දෙමුද එයාට