
(ෂේන් සෙනෙවිරත්න)
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සිදු කළේය.
විපතට පත් මියන්මාර වැසියන්ට සෙත් පතා මල්වතු අස්ගිරි මහා හිමිවරු අද (02) දළදා මාලිගාවේ ඉහළ මාලයේදී සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වූහ.
මෙම අවස්ථාවට වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහානාහිමි , වේඩරුවේ උපාලි අස්ගිරි අනුනායක හිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම සහ නියංගොඩ විජිතසිරි මල්වතු අනූනායක හිමිවරු,ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.
එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපතිනි මලර් තැන් හාටෙයික් මැතිණියද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව වැනි උතුම්, පින්බර බෞද්ධ රටක්, තවත් එවැනිම බෞද්ධ රටක ඇතිවුණු මෙවැනි විශාල ව්‍යසනයකදී, අපෙ උතුම්, පින්බර දළදා සමිඳුන්ගෙ නාමයෙන් කරන ලද මෙම උතුම් පුණ්‍ය කර්මය, බැතිබර සිතින් අගය කල යුතු වෙනවා. එයට දායක, කාරක වූ මල්වතු, අස්ගිරි මහ නාහිමි වරුන් ප්‍රධාන අනෙකුත් සියලුම දෙනාට, මියන්මාරයේ මෙම අනතුරින් දිවිගලවා ගත් සියළු දෙනාම අනේක වාරයක් පින් අනුමෝදන් කරනු ඇත. කෙසේවෙතත්, යුද හමුදා ජුන්ටාවක් යටතෙ පාලනය වන එරටේ අන්ත අසරණ, දුගී ජනතාවට, ලොව නන්දෙසින් ලැබුන මෙම අතිවිශාල ආධාර නිසි ලෙස ලැබුණාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.... අ පේ රටට ලැබුන සුනාමි ආධාර හෙල්පින් හම්බන්තොට ආදී පෙට්ටගම් වලට ගිය හැටි කාටද අමතක වුනෙ ???
මෙච්චර මුදලක් දුන්නා කියලා ඇහුවම බඩ පැලෙන්න හිනා යනවා!
මියන්මාරයේ හමුදා ජුන්ටාවේ දූෂිත පාලනය හින්දා 100% විශ්වාස කරන්න පුළුවන් ඔය සල්ලි වලින් ඒ අය සුර සැප ගනියි. ජනතාව වලපල්ලට යයි. මගේ මියන්මාර ෆෙස්බුක් මිතුරෙකගේ පවුලම මැරුවා හමුදා ජුන්ටාව. එහෙම අය මේ අපදාවට ජනතාවට උදව් කරයි ද?
මේවා හරි නම් ආණ්ඩුව කරන්න ඕන දේවල්.
දළඳා මාලිගාව මොනවටද ඔච්චර සල්ලි කන්දරාවක් එකතු කරන්නේ ? "සියල්ල අත්හරින්න" කියා දෙසා වදාළ වදන් පිටවුන තැනක තිබු ධාතුන් වහන්සේ නමක් නේද ඔතන වැඩසිටින්නේ ?
ආණ්ඩුවට ස්ථාවර නැතිනම් ලහි ලහියේ වාහන ගෙන්නේ ඇයි?