(අංජුල මහික වීරරත්න)
හිඟයකින්, ප්‍රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම කටයුතු අඛණ්ඩව හා ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ සැපයීමේ කටයුතු වලට ඍජුව ම දායක වන සියලුම නිලධාරීන් සහ බලධාරීන් සමග පැවති හමුවකදීය.
ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ව කරුණූ සාකච්ඡා කිරීමේ හා දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ සැපයීමේ කටයුතුවලට ඍජුව ම දායක වන සියලුම නිලධාරීන් සහ බලධාරීන් එක් ස්ථානයකට රැස්කර ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ව කරුණූ සාකච්ඡා කළේ මෙරට සෞඛ්‍ය සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සුව ඇමති ඖෂධ බලධරයන් එක තැනකට කැඳවයි