ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්න කමිටුවක් ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ආරක්ෂක කමිටුවක් පත්කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 1 year ago
සාගරට එරෙහි නඩුවකට දින දෙයි මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (09)දින නියම කළේය. 1 year ago
උල්හිටියේ වාන් දොරටු හිටිහැටිටේ අරියි උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් අද (9) පස්වරුවේ විවෘත කළ නිසාවෙන් ජලාශයට පහල ජනතාවට දැඩි අවධානයෙන් සහ කල්පනාකාරීව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 1 year ago
ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කළැයි 6ක් රිමාන්ඩ් අයිඑස් අයිඑස් ත්රස්තවාදීන් ලෙස පෙනී සිටිමින් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත ක්‍රියාවලින් ප්‍රවර්ධනය කිරීමේ සැකයට අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික හය දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (09)නියෝග කළේය. 1 year ago
’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’ යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය. 1 year ago
අල්ලස් ගත් පී.සී වසර 8කට හිරේ වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය. 1 year ago
ජනපති සටනට 24ක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නැග ඇත. 1 year ago
බඩගින්න නිර්පාක්ෂිකයි කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
අවම වේතන පනත් කෙටුම්පත මැතිසබයට සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ. 1 year ago
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මල්වානේදී පැවසීය. 1 year ago
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 1 year ago
රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago