දේශපාලනික ගිවිසුම් තෙල් මිල අඩු කරන්න හරස් වෙලා
රටට අහිතකර ගිවිසුම් හරහා මෙරට ඉන්ධන අළෙවිය විදේශ සමාගම් හතරකට පවරා තිබීම හේතුවෙන් ඉන්ධන මිල ජනතාව බලාපොරොත්තු වන ආකාරයට අඩු කළ නොහැකි බවත් ඉන්ධන මිල අඩු කළහොත් අදාල සමාගම්වලට වූ පාඩුව බලශක්ති අමාත්යංශය ගෙවියයුතු යැයි ගිවිසුම්වල සඳහන්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) පැවසීය.